hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2026 ජනවාරි 24, ප.ව. 1:55



රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ යාමේ තවත් අදියරක් මේ මාසයේ සිට ක්‍රියාත්මක වන අතර ඒ සදහා අය වැයෙන් ද රුපියල් බිලියන 110 ක් වෙන් කර ඇත.

එමෙන්ම පෞද්ගලික අංශයේ වැටුප් ඉහළ නැංවීමට ද රජය අවශ්‍ය පියවර ගෙන ඇති අතර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇත.

එය අදියර කිහිපයකින් සිදු කිරීමටයි රජය කටයුතු කරන අතර ඒ අනුව වැටුප් ඉහළ නැංවීමේ දෙවන අදියර මේ මාසයේ සිට ක්‍රියාත්මක වේ.

බොහෝ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් මේ වන විටත් බැංකු ගත කර අවසන් වන අතර රටේ ඉදිරි වැඩපිළිවෙල සාර්ථිකව ක්‍රියාත්මක කිරීම සදහා රජය රාජ්‍ය සේවාව පිළිබදව විශ්වාසය තබා ඇති බැවින් මෙලෙස වැටුප් ඉහළ නැංවීම ඉතාමත් කාලෝචිත පියවරක් බවයි රාජ්‍ය සේවකයින් පවසයි.

මේ අතර පෞද්ගලික අංශයේ වැටුප් ඉහළ නැංවීමට රජය අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශ සේවකයන් රජයට ස්තුතිය පල කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: