2026 ජනවාරි 27, ප.ව. 5:30
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩනැඟීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (27) ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී එක් වෙමිනි.
දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර, උඩපළාත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන 06ක් පූර්ණ හානියට ලක්ව තිබෙන අතර සිද්ධස්ථාන 15කට අර්ධ හානි සිදුව තිබේ.
ඒවා යළි ගොඩනැඟීම ආරම්භ කරමින් සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක් විය.
දිට්වා සුළි කුණාටුවෙන් දිවයින පුරා ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන 1350කට පමණ හානි සිදුව ඇති බවත්, ගම, පන්සල සහ ආගමික සිද්ධස්ථාන අතර සහ සබඳතාව යළි තහවුරු කිරීම වෙනුවෙන් එම සිද්ධස්ථාන කඩිනමින් යළි ගොඩනැගීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අපේ රට පහුගිය කාලයේ විශාල ව්‍යසනයකට මුහුණ දුන්නා. එම ව්‍යසනය මෑත ලංකා ඉතිහාසයෙ ඇති වූ විශාලතම ස්වභාවික ව්‍යසනයයි. සාමාන්‍යයෙන් දෙදහසකට ආසන්න නාය යාම් වාර්තා වී තිබුණා.
ඒ වගේම මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අපිට අහිමි වුණා. දේපොළ, නිවාස, ආර්ථික අවස්ථා විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඒ නිසා යළි අපේ රටේ ජන ජීවිතය යථාවත් කිරීමේදී රජයක් ලෙස දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන් ලෙස අපි සියලු දෙනාට අභියෝගයක් තිබුණා.
මම හිතන්නේ සැලකිය යුතු ප්‍රමාණයකින් අද අපි එම අභියෝගය ජය ගෙන තිබෙනවා. අපි තවත් ඉදිරියට යා යුතුයි. නිවාස අහිමි වූවන්ට නිවාස ඉදිකර දිය යුතුයි. ඒ වගේම ආර්ථික අවස්ථා යළි නිර්මාණය කර දිය යුතුයි.
සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් ජනතාවගේ ජන ජීවිතය යළි නගා සිටුවීම වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස් කර තිබෙනවා. ගම, පන්සල සහ ආගමික සිද්ධස්ථාන සමග ජනතාවගේ ඉතා සමීප සබඳතාවක් තිබෙනවා.
ජන ජීවිතය සම්පූර්ණ කිරීමට නම් එම ආගමික සිද්ධස්ථාන ඉතා හොඳින් පිළිසකර කර ජනතාවගේ ජන ජීවිතය සමග සහ සම්බන්ධය සකස් කළ යුතුයි. මේ වන විට ආගමික සිද්ධස්ථාන 1350කට ආසන්න ප්‍රමාණයකට විවිධාකාරයෙන් හානි සිදුව තිබෙනවා.
ඒ නිසා සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය ගම – පන්සල අතර තිබෙන සබඳතාව තහවුරු කිරීමට නම් මේ ආගමික සිද්ධස්ථාන යළි ස්ථාපිත කළ යුතු බවට තිර අදිටනින් අපි මේ වැඩපිළිවෙළ ආරම්භ කළා.
ග්‍රාමීය විහාරස්ථාන ඉතා අසීරුවෙන් පවත්වාගෙන යන බව අපේ ස්වාමීන්වහන්සේ සඳහන් කළා. එම ග්‍රාමීය විහාරස්ථාන තෝරාගෙන ඒවා සංවර්ධනය කිරීමට වේගවත් වැඩසටහනක් ආරම්භ කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය මගින් අපි සැලසුම් කර තිබෙනවා.”
2026 ජනවාරි 28, පෙ.ව. 12:24
2026 ජනවාරි 28, පෙ.ව. 12:18
2026 ජනවාරි 28, පෙ.ව. 12:17
2026 ජනවාරි 28, පෙ.ව. 12:13
2026 ජනවාරි 28, පෙ.ව. 12:12
28-01-26
28-01-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26