2026 පෙබරවාරි 06, ප.ව. 3:47
සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ හදිසි නීතිය යොදාගෙන විපක්ෂය මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන නිසා හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තම පක්‍ෂයේ තීරණය කළ බවයි.
එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වී සිටින පිරිස්වලට සහන සැලසීම සඳහා සියලු දෙනාම එකඟ බවත් හදිසි නීතිය ඒ සඳහා අවශ්‍යම ද යන්න කියා තමා ප්‍රශ්න කරන බවද රජිත් මද්දුමබණ්ඩාර ආණ්ඩුවෙන් විමසා සිටියේය.
ඔහු වැඩිදුරටත් ප්‍රශ්නකර සිටියේ දිට්වා සුළි කුණාටුව පැමිණ මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් හදිසි නීතිය ගෙන එන්නේ තවමත් රට යථා තත්ත්වයට පත් වී නොමැති නිසාද යන වගයි.
එදා 1988 දී ජනතා විමුක්ති පෙරමුණ මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා. ඒ වගේම එල්ටීටීඊ සංවිධානය මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා.
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ හතර නමක් සිරගත කරලා තියෙන්නේ හදිසි නීතිය යොදාගෙන. ඒ නීතිය අනුව තමයි ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගත්තේ.
දැන් පොලිසිය කියනවා ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත් කරගන්නවා නම් විතරයි හාමුදුරුවන්ට ඇප දෙන්නේ කියලා .මේකද රටේ නීතිය කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.
විරුද්ධ පක්ෂයේ පිරිස්, ආණ්ඩුවට එරෙහි පිරිස් මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන නිසා තමයි හදිසි නීතියට එරෙහිව ඡන්දය දීමට අපි තීරණය කළේ යනුවෙන්ද රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
2026 පෙබරවාරි 06, ප.ව. 3:44
2026 පෙබරවාරි 06, ප.ව. 3:37
2026 පෙබරවාරි 06, ප.ව. 1:54
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:45
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:37
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26