hit counter

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 17, පෙ.ව. 11:33



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙන අනුපාතයන්ට වඩා ඉහළ පොලී අනුපාතයක් වාණිජ බැංකු විසින් අය කරන්නේ නම් ඒ සම්බන්ධව “1935’’ දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

කාර්යාල වේලාවන්වලදී මෙම දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද මහ බැංකුව පවසයි.

වාණිජ බැංකු විසින් ඉහළ පොලියක් අය කරන්නේ නම් ගනුදෙනුකරුට වෙනත් බැංකුවකට යොමුවීමේ හැකියාව පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් වසර (2025) තුළදී සහ මේ වසරේ (2026) මේ දක්වා කාලය තුළදී සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යන්නේය.

ඉකුත් වසරේ (2025) මැයි මස එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් සියයට 7.75ක් (හතයි දශම හතයි පහ) දක්වා අඩු කිරීමෙන් අනතුරුව, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය එම මට්ටමේම පවත්වා ගැණුනු බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: