hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 ජූලි 23, ප.ව. 3:32



බදුල්ල – ඇල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔහු අනතුරට ලක් කිරීමට උත්සහ කළ ටිපර් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ වාහන අංක තහඩුවේ අවසන් අංකයට ඉන්ධන ලබාගත නොහැකි බව පවසමින් එම රියදුරා විසින් අදාළ ටිපර් රථය පොලිස් නිලධාරියාගේ ශරීරයේ ගැටීමට සළස්වා ඇති බවයි.

අනතුරුව පොලිස් නිලධාරියා රෝහල් ගතකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබුණා.

එහිදී ඔහු බීමත්ව සිට ඇති බවට අනාවරණ වී ඇති අතර අද (23) ඔහු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම පොලිස් නිලධාරියා මේ වනවිට රෝහල් ගත කර ඇති බවයි.

ටිපර් රථයේ රියදුරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇල්ල ප්‍රදේශයේම පදිංචි 45 වියේ පසුවන්නෙක්.

වෛද්‍ය පරීක්ෂණයකින් පසුව ඔහු බීමතින් සිට තිබු බවට අනාවරණය වූ බවද පොලීසිය පවසනවා.