2026 මාර්තු 01, ප.ව. 2:00
ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමනේයි ඊයේ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය අද තහවුරු කළා.
අලි කමනේයිගේ නිල නිවස වෙත ඊයේ එල්ල වූ ප්‍රහාරයෙන් ඔහු සහ තවත් උපදේශකයන් කිහිප දෙනකු මියගිය බවයි දැනගන්නට ලැබෙන්නේ.
ඊශ්‍රායලය සහ ඇමරිකාව විසින් ඊයේ එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරාන ආරක්ෂක ඇමතිවරයා, ඉස්ලාමීය මුරභට හමුදාවේ ප්‍රධානියා ඇතුලු පිරිසක් ද මියගොස් තිබෙනවා.
අලි කමනේයි ඉරානයේ හිටපු ජනාධිපතිවරයකු ද වන අතර 1989 සිට එහි ආධ්‍යාත්මික නායකයා වුණා.
අලි කමනේයිගේ මරණයෙන් පසු එරට පාලනය සඳහා ජනාධිපති මසූඩ් පසෙශ්කියාන් ඇතුලු තිදෙනකුගෙන් යුක්ත කවුන්සිලයක් නම්කර තිබෙනවා.
මේ අතර ඉරානය විසින් ඊශ්‍රායලයට සහ අරාබි රටවල් වෙත විටින් විට පහර දෙමින් තිබෙනවා. ඊයේ බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර්, කුවේටය ආදී රටවල විශේෂයෙන්ම ඇමරිකානු කඳවුරු ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල වුණා.
ඩුබායි සහ බහරේන් හි වෙනත් ස්ථාන වෙත ද ප්‍රහාර එල්ල වී තිබූ අතර කුවේට් ගුවන් තොටුපල වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබුණා.
2026 පෙබරවාරි 26, ප.ව. 2:59
2026 පෙබරවාරි 23, පෙ.ව. 1:20
2026 පෙබරවාරි 21, පෙ.ව. 9:04
2026 පෙබරවාරි 16, ප.ව. 2:32
2026 පෙබරවාරි 13, ප.ව. 10:08