hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු 06, පෙ.ව. 12:17



ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය එළඹෙන මාර්තු මස 10 වන දින ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව එම අමාත්‍යාංශය සඳහන් කළේ විවිධ රටවල මුඛ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගැනීම සඳහා අවම වශයෙන් වසර 10කට වරක්වත් මෙවැනි ජාතික මට්ටමේ සමීක්ෂණයක් පැවැත්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය බවයි.

එබැවින් මාර්තු 10 වන දින ආරම්භ වන මෙම සමීක්ෂණය එළඹෙන නොවැම්බර් මාසය තෙක් ක්‍රියාත්මක වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

එමෙන්ම දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසල් සිසුන් සහ වැඩිහිටි වයස් කාණ්ඩ ඉලක්ක කර ගනිමින් මෙහිදී දත්ත රැස්කිරීම සිදු කරන බව වාර්තා වේ.

ඒ ඔස්සේ මෙරට ජනතාවගේ වත්මන් මුඛ සෞඛ්‍ය මට්ටම සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විද්‍යාත්මක දත්ත පද්ධතියක් සකස් කර ගැනීමට අපේක්ෂිත බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: