2026 මාර්තු 12, පෙ.ව. 10:59
මස්කෙළිය විදුලි පාරිභෝගික මධ්‍යස්ථානය යටතේ පාලනය වන නල්ලතන්නි නගරයේ සිට ශ්‍රී පාද උඩමළුව දක්වාත් මස්කෙළිය, රිකාටන් ඇතුලු වතු ගණනාවකට (10) දින රාත්‍රියේ සිට විදුලි බලය ඇන හිටිම නිසා විදුලි පාරිභෝගිකයන් මෙන්ම ශ්‍රී පාද වන්දනාකරුවන්ද දැඩි ලෙස පීඩාවට පත් වි ඇත.
නල්ලතන්නි නගරයේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා පිවිසෙන මාර්ගයේ (10) දින රාත්‍රියේ විදුලි බලය ඇන හිටිම නිසා ශ්‍රී පාදය වන්දනාකරන වන්දකරුවන් (11) අලුයම පහන්වන තෙක් එම මාර්ගයේම රැඳී සිටි බවත්, රත්නපුර පලාබද්දර මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩමළුව වෙත ලබා දී ඇති විදුලි බලයෙන් ශ්‍රී පාද මළුවට පමණක් ආලෝකමත් කර තිබූ බවත් වන්දනාකරුවෝ කියා සිටිති.
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් විසින් පැවැත්වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් නොකිරිමේ මස්කෙළිය සහ නල්ලතන්නි ප්‍රදේශයේ විදුලි බලය ඇන හිට ඇති බවත්, විදුලි බලය නොමැති විම හේතුවෙන් මස්කෙළිය ජල පාරිභෝගික මධයස්ථානයට මස්කෙළිය ඔයේ සිට ජලය පොම්ප කිරිමට නොහැකි නිසා මස්කෙළිය ප්‍රදේශයට පානීය ජලය බෙදා හැරීමද නතර කර ඇත.
ප්‍රදේශයේ පවතින අධික වියලි කාලගුණයත් සමග විදුලි බලය සහ පානීය ජලය නොමැති වීමෙන් මස්කෙළිය සහ නල්ලතන්නිය ප්‍රදේශවල ජනතාවද වන්දනාකරුවන්ද දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.
හැටන් – රංජිත් රාජපක්ෂ
2026 ඔක්තෝබර් 27, ප.ව. 4:54
2026 ඔක්තෝබර් 27, ප.ව. 3:06
2026 ඔක්තෝබර් 27, ප.ව. 2:52
2026 ඔක්තෝබර් 27, ප.ව. 1:43
2026 ඔක්තෝබර් 27, ප.ව. 12:08
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26