hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු 17, පෙ.ව. 12:16



ලෝකයේ බොහෝ රටවල තෙල් මිල ඉහළ දැමීමට මෙන්ම තෙල් බෙදාහැරීම සීමා කිරීමට කටයුතු යොදා ඇතැයි නි. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ, මේ වන විට ඇතැම් රටවල රාජ්‍ය සේවය සීමාකර, ඊට භාවිත කරන තෙල් ප්‍රමාණය සීමාකර, සේවකයන් නිවසේ සිට රාජකාරී කරන තත්ත්වයට පත්ව ඇති බවයි.

ඕස්ට්‍රෙලියාවේ සිට කතා කළ මිත්‍රයෙකු එරට ඉන්ධන මිල 60%කින් ඉහළ ගොස් ඇතැයි සඳහන් කළ බවද තවමත් අපේ රට එම තත්ත්වයට පත්ව නොමැති අතර තත්ත්වය කළමනාකරණයට උත්සාහ කරන බවද සමන්ත විද්‍යාරත්න වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

රටින් බාහිර යුද්ධයක් නිසා මතුව ඇති මෙම අර්බුදය සම්පූර්ණයෙන්ම අපට කළමනාකරණය කළ නොහැකි බව බුද්ධිමත් ජනතාව අවබෝධකර ගනු ඇතැයිද හෙතෙම අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: