hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2026 මාර්තු 18, පෙ.ව. 12:29



ආණ්ඩුව ලෝක අර්බුදය  ඉතා සමීපව නිරීක්ෂණය කරමින් ගත යුතු තීරණ හරි වෙලාවට ගනිමින් තත්ත්වය  කළමනාකරණය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය එහිදී මෙසේද කීවාය.

අද අපේ බලශක්ති ක්ෂේත්‍රයට අභියෝග ගණනාවකට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා.මෙය නිරන්තරයෙන් වෙනස් වන පුරෝකථනය කළ නොහැකි තත්ත්වයක්.අප මේ ලෝක අර්බුදය  ඉතා සමීපව නිරීක්ෂණය කරමින් ගත යුතු තීරණ හරි වෙලාවට ගනිමින් කළමනාකරණය කරගෙන යනවා.මෙය අප සාමූහිකව මුහුණ දිය යුතු තත්ත්වයක්.

ඒ සඳහා රාජ්‍ය සේවය සියලු පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙන්ම ජනතාව සහ පෞද්ගලික ක්ෂේත්‍රය එකතුවී මුහුණ දිය යුතුව තිබෙනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: