hit counter

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2026 මාර්තු 21, පෙ.ව. 12:25



තෙල් සංස්ථාව සතුව තිබූ දැවැන්ත ණය කන්දරාව මහා භාණ්ඩාගාරයට පවරාගනු ලැබුවේ වත්මන් ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසුව බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

රූපවාහිනි නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ පාලන සමයන්හිදී තෙල් සංස්ථාව දිගින් දිගටම ලැබූ පාඩුව හේතුවෙන් රුපියල් කෝටි අනූදහසක ණය බරක් නිර්මාණය වී තිබූ බවයි.

“අපි ආණ්ඩුව ගන්නකොට තෙල් සංස්ථාව රුපියල් කෝටි අනූදහසක් ණයවෙලා තිබුණා. දැන් මොකද කළේ? ඒ ණය භාණ්ඩාගාරය පවරාගත්තා. භාණ්ඩාගාරය ඒ මුදල හොයාගන්න ඕනේ. ඒක හොයාගන්නේ දැන් ඔය තෙල්වලට ගහන බද්දෙන්. මේ බද්ද ගන්නේ ආණ්ඩුවට නෙවෙයි,

එමෙන්ම භාණ්ඩාගාරය විසින් පවරා ගන්නා ලද එම ණය පියවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගනු ලබන්නේ ඉන්ධන මත පනවනු ලබන බදු මගින් බවත් එබැවින්, මෙම බදු අය කිරීම රජයේ වියදම් සඳහා නොව, පූර්ව පාලන සමයන්හිදී ඇති වූ එම දැවැන්ත ණය බර පියවීම සඳහාම වෙන් කරනු ලබන්නක් බව ටිල්වින් සිල්වා මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙම ණය පවරා ගැනීම වත්මන් රජය යටතේ සිදු වූවක් බවට ටිල්වින් සිල්වා මහතා කළ ප්‍රකාශය හමුවේ එසැණින් අදහස් දැක්වූ මාධ්‍යවේදියා, එම තීරණය ක්‍රියාත්මක වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී බව පෙන්වාදුන්නා.

මෙහිදී මාධ්‍යවේදියා වැඩිදුරටත් අනාවරණය කළේ. තෙල් සංස්ථාවේ ණය මහා භාණ්ඩාගාරයට පවරා ගැනීම ආරම්භ වූයේ 2023 ජුනි 01 වැනිදා බවයි.

ඒ වෙනුවෙන් ඉන්ධන ලීටරයකට රුපියල් 50 බැගින් බදු අය කිරීම ආරම්භ කළ බවත්, එම ණය ගෙවා අවසන් කිරීමට 2029 වසර ඉලක්ක කර ඇති බවත් ඔහු පැහැදිලි කළා.

එහෙම තීන්දු කරන්න ඇති. නමුත් දැන් මේක පවරාගත්තා‘ යනුවෙන් ටිල්වින් සිල්වා මහතා එහිදී පවසන අතර මාධ්‍යවේදියා නැවත පෙන්වන්නේ එය පවරාගත්තේ 2023 සිටම එය අඩු වී ඇති බවයි.

 2024 දී ජාතික ජන බලවේගය බලයට පත්වීමේදී  ණය රුපියල් බිලියන 656ක් ණය ගෙවීමට තිබුණු බවද මාධ්‍යවේදියා දත්ත සහිතව එහිදී  පෙන්වා දුන්නා.

ඉන්පසුව “කාලය එතැන කියන්නකෝ… මොකක් වුණත් දැන් ඒ මුදල භාණ්ඩාගාරයට පවරාගෙන තියෙනවා. කාගේ කාලේ පවරාගත්තත් දැන් මේ මුදල හම්බකරන්න එපැයි භාණ්ඩාගාරය. ඒකයි මේ බද්ද ගහන්නේ,” යනුවෙන් පවසමින් ටිල්වින් සිල්වා සිය ස්ථාවරය පැහැදිලි කිරීමට  උත්සාහ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: