hit counter

2026 ජූනි මස 19 වන සිකුරාදා

2026 මාර්තු 30, ප.ව. 1:32



හිමිකරුගේ අනුදැනුමකින් තොරව රන් මාලයක් උකස් තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, නව පරපුරේ නිලියක් වන හර්ෂි රසංගා අද (30) දිනයේ තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඇය මෙම රන් මාලය ලබාගෙන ඇත්තේ, සිය හිතවතෙක් වන ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක‍යෙකුගෙන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලක්ෂ 9 කට අධික වටිනාකමකින් යුත් එම රන් මාලය, නැවත ලබා නොදී හිමිකරුගේ අනුදැනුමකින් තොරව බත්තරමුරමුල්ල LB Finance ශාඛාවට උකස් තබා ලක්ෂ 6 ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් රන් මාලයේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අදාලව හර්ෂි රසංගා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණ.

එහිදී සැකකාර හර්ෂි රසංගා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර සිටියේ තම සේවාදායිකාව එම මාලය උකස් කර ඇති බවත් එය බේරා ගෙන හිමිකරුට නැවත ලබාදීමට හැකියාව පවතින බවත්ය.

එහිදී සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප 2ක් මත මුදා හැරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඉදිරි දිනට අදාල රන් මාලය තලංගම පොලිස් ස්ථානය මගින් භාරගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියම කරනු ලැබුවා.

සැකකාර හර්ෂි රසංගාට එරෙහි නඩුව නැවත අප්‍රේල් මස 22 වන දින කැදවීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: