2026 අප්‍රේල් 01, ප.ව. 12:20
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ විසින් යොවුන් නිළි හර්ෂි රසංගා වෙත එන්තරවාසියක් (Letter of Demand) යොමු කර තිබේ. ඒ ඇය විසින් අධිකරණ කටයුතුවලින් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් වෙනස්ම වූ කතාවක් නිර්මාණය කිරීම හේතුවෙනි.
මෙම නෛතික අර්බුදයට මුල් වී ඇත්තේ රුපියල් ලක්ෂ නවයකට (900,000) අධික වටිනාකමකින් යුත් රන් මාලයකි. භානුක රාජපක්ෂ පවසන පරිදි අදාළ නිළිය විසින් එම මාලය ඔහුගෙන් ඉල්ලාගෙන ගොස් ඇති අතර පසුව ඔහුගේ කිසිදු දැනුවත්භාවයකින් තොරව එය උකස් කර ඇත.
මෙම සිද්ධියට අදාළව තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ නිළිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇයව මුදා හැරීමට අධිකරණය විසින් නියෝග කරන ලදී.
අධිකරණ ක්‍රියාදාමය අතරතුරදී, අදාළ රන් මාලය උකස් කර ඇති බවත් එය මුදාගෙන නැවත භාරදීමට කටයුතු කළ හැකි බවත් ඇයගේ පාර්ශ්වය විසින් අධිකරණයට දැනුම් දී තිබුණි. එහෙත් රාජපක්ෂගේ නීතිඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ, අධිකරණය හමුවේ එලෙස කරුණු පිළිගත් නිළිය පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊට හාත්පසින්ම පරස්පර විරෝධී ප්‍රකාශයක් සිදුකර ඇති බවයි. ඔවුන් අතර පැවති පෞද්ගලික සබඳතාවක් හේතුවෙන් අදාළ මාලය තමන්ට ත්‍යාගයක් ලෙස ලැබුණක් බවට ඇය එහිදී පවසා තිබුණු අතර මෙම නීතිමය පියවර සඳහා හේතු වී ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇය සිදුකළ මෙම පරස්පර ප්‍රකාශයන්ය.
මේ අතර, අදාළ රන් මාලය තම භාරයට ගෙන අප්‍රේල් 22 වැනිදාට යෙදී ඇති මීළඟ නඩු වාරයේදී එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් තලංගම පොලිසියට නියෝග කර තිබේ.
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:09
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26