2026 අප්‍රේල් 03, පෙ.ව. 11:43
ඇමති සුනිල් හඳුන්නෙත්තිගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ජනතාව විසින් හූ තබා පන්නා දැමූ බවට පුවත් විකාශ සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරන ලද පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ අපහාසාත්මක බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරයි.
“හඳුන්නෙත්තිගේ සම්බන්ධීකරණ ලේකම් පන්නා දැමූ හැටි – සමූහයට ආ සභාපතිටත් හූ සංග්‍රහයක්” යන ශීර්ෂය යටතේ ප්‍රචාරය වූ වීඩියෝව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ සිදුවීමට අදාළ වීඩියෝ දර්ශනවල පෙනී සිටින හෝ මහජන විරෝධයට ලක්වන කිසිදු පුද්ගලයෙකු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් නොවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු කරනු ලබන්නේ එම්.ආර්.එම්.ඩබ්ලිව්. ඩයස් මහතා සහ රසිඳු යසෝද් මරගල යන දෙදෙනා පමණක් බවයි.
වීඩියෝවේ සිටින පුද්ගලයන් සහ මෙම ලේකම්වරුන් අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති අතර ඔවුන් මෙම සිදුවීමට කිසිදු අයුරකින් සම්බන්ධ වී නොමැති බවත් නිවේදනය කියයි.
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:59
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:46
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:40
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:26
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:21
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26