hit counter

2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා

2026 අප්‍රේල් 15, පෙ.ව. 12:12



තමිල්නාඩු මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර වෙට්රි කසාගම් (TVK) නායක, සුපිරි නළු විජේ තලපති එක්වරම සිය පාපැදියෙන් බිමට පැන ආරක්ෂිත වෑන් රථය තුළට දිව යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණය වනවා.

කන්‍යාකුමාරි ප්‍රදේශයේ පැවති මෙම රැලියේදී තලපති විජේ උද්‍යෝගයෙන් පාපැදියක් පදවාගෙන යන ආකාරයත්, විශාල රසික පිරිසක් ඔහු පසුපස දුව එන ආකාරයත් එම වීඩියෝවේ මුලින් දැකගත හැකි වුණා.

එම ගමන අතරතුරදී පුද්ගලයෙකු ඔහු අසලටම පැමිණ පන්දුවක් වැනි යමක් ඔහු දෙසට විසි කරන අයුරු එහි දැකගත හැකි වූ අතර එම අනපේක්ෂිත ප්‍රහාරයෙන් තැතිගත් විජේ වහාම ක්‍රියාත්මක වී පාපැදියෙන් බිමට පැන තමන්ට පසුපසින් පැමිණි ප්‍රචාරක වෑන් රථය තුළට දිව යන අයුරු එම වීඩියෝවෙහි සඳහන් වනවා.

වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් ඔහු වටා ආරක්ෂක වළල්ලක් තනා ඔහුව රථය තුළට රැගෙන යන ආකාරයද දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, පසුව අනාවරණය වූයේ විජේ තලපති අසලට පැමිණි එම පුද්ගලයා ඔහු දෙසට විසි කර ඇත්තේ පන්දුවක් ලෙස සකස් කරන ලද මල් පොකුරක් බවයි.

 එය ඔහු අසලදී පුපුරා මල් විසිරී යන අයුරු වීඩියෝවේ පැහැදිලිව සටහන්ව තිබුණද, මෙම සිදුවීම අන්තර්ජාලය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබෙනවා.

ඇතැමුන් පවසන්නේ එය බෝම්බයක් යැයි සිතා විජේ බිය වූ බවයි.

නමුත් ඔහුගේ රසිකයන් පවසන්නේ ජනාකීර්ණ ස්ථානයක මෙවැනි පූර්ව ආරක්ෂක පියවරක් ගැනීම තාරකාවකගේ වගකීමක් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: