hit counter

2026 අප්‍රේල් මස 16 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් 17, පෙ.ව. 12:09



තමන්ගේ ඡායාරූපයක් භාවිතා කරමින් සමාජ මාධ්‍ය ජාලාවල පළවන පෝස්ටුව සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජික පසන් කස්තුරිආරච්චි මහතා පවසනවා.

තම ෆේස්බුක් ගිණූම හරහා ඔහු සඳහන් කර ඇත්තේ, නාමල් රාජපක්ෂ මහතාගෙන් පසුව ඔහුගේ බිරිඳ වන ලිමිනි රාජපක්ෂ සහ එම දෙපලගේ පුත් කේසර රාජපක්ෂ යන පවුලේ සාමාජිකයන් රටේ නායකත්වයට පත්වන බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන පෝස්ටුව සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ගොතන ලද්දක් බවයි.

එම සංසරණය වන අසත්‍ය සටහනේ දැක්වුණේ, “දෙපාරක් ජනාධිපති වෙලා 2039 නාමල් අයින් වෙනකොට ලිමිනි ඊළඟ අවුරුදු 10 රට බාර ගන්නවා. එතකොට ලිමිනිගෙන් පස්සේ රට බාර ගන්න කේසර වයස 34ක පරිණත නායකයෙක් වෙලා” යනුවෙන් පසන් කස්තුරිආරච්චි මහතා ප්‍රකාශ කළ බවයි.

කෙසේවෙතත් තම නිල ෆේස්බුක් ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් පසන් කස්තුරිආරච්චි මහතා මෙහි සත්‍ය අසත්‍යතාව පැහැදිලි කර තිබෙනවා.

 එහිදී ඔහු අවධාරණය කරන්නේ අදාළ පෝස්ටුව අසත්‍ය ප්‍රකාශයක් බවත්, තමන් එවැනි කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බැවින් එයට නොරැවටෙන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: