hit counter

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

2026 අප්‍රේල් 20, පෙ.ව. 12:04



අප්‍රේල් 21 වැනිදා ආරම්භ වන “සාම පා ගමනට” එක්වන ආලෝක නම් සුනඛයා ගැන මේ දවස්වල හැමෝම කතා වෙනවා. 

හැබැයි ඒ අතරතුරේ තවත් ආන්දෝලනාත්මක කතාවක් පැතිරුණා. ඒ තමයි, ආලෝක එන පාර දෙපස ඉන්න අසරණ වීදි සුනඛයින්ව ඒ ප්‍රදේශවලින් ඉවත් කරනවා කියලා.

සත්ව සුබසාධන සංසදය (AWC) මේ ගැන වහාම ක්‍රියාත්මක වී මහනුවර නාගරික කොමසාරිස්තුමියගෙන් කරුණු විමසා තිබෙනවා.

එහිදී හෙළි වී ඇත්තේ මෙය හුදෙක් සාකච්ඡාවකදී මතු වූ යෝජනාවක් පමණක් බවත්, කිසිදු වීදි සුනඛයෙකු ඉවත් කිරීමට තීරණය කර නොමැති බවත්ය.

ආලෝකගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් K9 ඒකකය සහ ගුවන් හමුදාව පවා සීරුවෙන් සිටින අතර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඔහුට අවශ්‍ය සියලු පහසුකම් සැලසෙනු ඇත.

ඒ නිසා අනිසි බියක් ඇති කරගත යුතු නැති බවයි AWC සංවිධානය පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: