hit counter

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් 21, පෙ.ව. 12:08



අද අපි කතා කරන්නේ අසූව දශකයේ අගභාගයේදී දේදුන්නෙන් ආ සමනලියක් සේ සිනමාවට පිවිසි, මේ වනවිට ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන දිල්හානි අශෝකමාලා ඒකනායක ගැනයි. චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වී සිටින ඇය, මේ දිනවල සමන්ත විජේකෝන්ගේ ‘පතිකුලය’ සිනමා නිර්මාණයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

‘පතිකුලය’ චිත්‍රපටය ගැන කතා කරද්දී, දිල්හානි කියන්නේ මේක ධනපති පන්තියයි නිර්ධන පන්තියයි අතර තියෙන සටනක් ගැන කියවෙන නිර්මාණයක් කියලා. ඇය මෙහි නිරූපණය කරන්නේ වලව්වේ කුමාරිහාමි මැණිකේ එහෙමත් නැතිනම් චන්ද්‍රලතා කියන චරිතය. මේ චරිතය හරි මාන්නක්කාර, ඔළුව උදුම්මවා ගත්තු, කුල සිරිත්වලට මුල් තැන දෙන කාන්තාවක්ලු. දිල්හානි කියන්නේ මේ වගේ චරිත මීට කලිනුත් රඟපාලා තිබුණත්, මේ තරම් සැර චරිතයක් නම් මුණගැහිහිලා නැහැ කියලා.

සැබෑ ජීවිතයේදී චන්ද්‍රලතා වගේ අය ඕනෑ තරම් ඉන්නවා කිව්වට, දිල්හානි වගේ අය නම් අඩුයි කියලා ඇය කියනවා. ඇය රඟපෑ චිත්‍රපට ප්‍රමාණය 130 පැනලා ඇතිලු. ළඟකදි ලියාගන්නත් බැරි වුණා කියලා තමයි ඇය කියන්නේ. අතීතයට ගිහින් දුක් වෙන්න හොඳ නැහැ කියලා හිතන දිල්හානි, තමන්ගේ අතීත පින්තූරවත්, චිත්‍රපටවත් බල බල දුක් වෙන්නේ නැහැලු. මොකද, දැන් ඉන්නේ එයා නෙමෙයි කියලා තමයි ඇය කියන්නේ.

පසුගිය දවස්වල තිරගත වුණු ‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටය අතිසාර්ථක වීම ගැන ඇය හරි සතුටින් ඉන්නේ. ඒක සිනමා කර්මාන්තයටම හොඳයි කියලා ඇය කියනවා. අලුත් පරපුර ගැනත් දිල්හානි හරි ෂෝක් කියලා කියන්නේ. ඔවුන් මල්ටි ටැලන්ටඩ්ලා කියලා ඇය කියනවා. නටන්න, සින්දු කියන්න, රඟපාන්න, මොඩ්ලින් කරන්න හැමදේම කරන්න පුළුවන් පරපුරක්ලු දැන් ඉන්නේ.

ටෙලි නාට්‍යවලට ලැබෙන ආරාධනා ගැන ඇය කියන්නේ, ලැබෙනවා, ඊයෙත් එකක් ආවා, ඒ වුණාට ගියේ නැහැ කියලා. ටෙලි නාට්‍ය ගැන කලකිරීමෙන්ද කියලා ඇහුවම, ඔව් අනේ කියලා ඇය කියනවා. හේතුව තමයි, පටන් ගත්ත එක නෙමෙයි මැද තියෙන්නේ, මැද තියෙන එක නෙමෙයි අග තියෙන්නේ. එතකොට අර යකාගේ විමානේදී මට යකා වැහෙනවා කියලා ඇය කියනවා. නාලිකාවලින් කරන වැරැද්දක්ලු කොටස් 10ක් බලලා ටෙලි නාට්‍යයක් ගන්න එක. ඔතන තමයි වැරදිලා තියෙන්නේ කියලා ඇය අවධාරණය කරනවා. හොඳ අධ්‍යක්ෂවරයෙක් හම්බවුණොත් එහෙම නොකර ඉඳීවි කිව්වට, අනෙක් අයට එහෙම කරන්න බැහැලු.

අධ්‍යක්ෂ කාර්යයටවත්, නිෂ්පාදනයටවත් අත තියන්න අදහසක් නැහැලු. ඇය කියන්නේ, මගේ අත් දෙකයි තියෙන්නේ, මට තියෙන්නේ රඟපාන්න විතරයි. අනෙක් ටික ඒ අය කරයි නේද? මොකද මම ඒ වැඩේ කරන්න යන්න ඕනෑ නැහැනේ කියලා තමයි ඇය කියන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: