hit counter

2026 අප්‍රේල් මස 24 වන සිකුරාදා

2026 අප්‍රේල් 24, පෙ.ව. 9:57



චන්දිමාල් ජයසිංහගේ සංවිධානයෙන් පැවැත්වුණු “රාජකීය අවුරුදු උළෙල ” මේ වෙද්දී සමාජ මාධ්‍ය පුරා දැඩි විවේචනයට ලක් වෙමින් පවතිනවා.

ප්‍රවීණ නිළියන් අතරත් මේ ගැන මත ගැටුම් ඇති වෙද්දී, උත්සවයට සහභාගී වූ ජනප්‍රිය නිළි ඉෂාදි අමන්දා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඇය පවසන්නේ එම උත්සවයට සහභාගී වීම පිළිබඳව තමන් දැන් කණගාටුවට පත්වන බවයි.

උත්සවයේ පැවති ඇතැම් ක්‍රීඩා සහ සිදුවීමි සංස්කෘතියට පටහැනි බවට එල්ල වන චෝදනා හමුවේ ඉෂාදි සිය නිහඬතාවය බිඳ තිබෙනවා.

එහිදී ඇය අවධාරණය කළේ තමන් ආරාධිතයෙකු ලෙස පමණක් එහි ගිය බවයි.

“මමත් එතෙන්ට ගියා වුණත්, එහි පැවැත්වුණු ක්‍රීඩා හෝ වෙනත් දේවල් ගැන වගකීම මම භාරගන්නේ නැහැ. මම ගියේ ආරාධනාවකටයි. නමුත් අද මම ඒ උත්සවයට සහභාගී වීම ගැන අවංකවම කණගාටු වෙනවා.” යනුවෙන් ඇය ප්‍රකාශ කර සිටිනවා.

උත්සවයේ සංවිධාන කටයුතු හෝ එහි අන්තර්ගත වූ දේවල් තමන්ගේ අනුදැනුම මත සිදු වූ ඒවා නොවන බව ඇය පැහැදිලි කරයි.

ජනතාවගෙන් සහ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් එල්ල වන විවේචන හමුවේ. තමන් එවැනි ස්ථානයකට සහභාගී වීම පිළිබඳව ඇය සිය කණගාටුව පළ කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: