2026 මැයි 05, ප.ව. 6:07
විදෙස් ණය වාරිකයන් වශයෙන් ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධව විවිධ පාර්ශ්වයන් අදහස් දැක්වුවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
ඒ අද (05) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් පසුව අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ කළමනාකාරීත්වය විසින් අදාළ සිදුවීම සම්බන්ධව ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙතද පැමිණි කර ඇත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේද අනුමැතිය අනුව බව ඔහු පෙන්වා දුන්නා.
එසේම මෙම සිදුවීම සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණ සිදුකරනුයේ සහ අමාත්‍යාංශ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩතහනම් කර ඇත්තේද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය සහිතව බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව පැමිණිල්ලක් සිදු නොවන බවද පැවසුවා.
තවද මුදල් අමාත්‍යාංශය විසින්ම හඳුනාගත් ක්‍රියාවලියක සිදුවීමක් සම්බන්ධව අමාත්‍යාංශය විසින්ම පරීක්ෂණයක් සිදුකරන බවත් අමාත්‍යාංශය විසින්ම අදාළ විශේෂඥභාවය සහ පරීක්ෂණ සිදුකරන ආයත වෙත පැමිණිලි සිදුකර ඇති බව කියූ අමාත්‍යවරයා විමර්ශණ සිදුකරන ආයතන වෙතද අමාත්‍යාංශ විසින් පැමිණිලි කර ඇති බව පැවසුවා.
එහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියෙකු බවට පළවන වාර්තා සම්බන්ධවද අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඔහු තනතුර දරන කිසි විටෙක ද්විත්ව පුරවැසියෙකු නොවන බවයි.
“ඔහු පාර්ලිමේන්තුවේදී හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අවදියේදී හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන අවදියේදී ඔහු ද්විත්ව පුරවැසියෙකු නම් ඔබට ඔහුට එරෙහිව අධිකරණයට යන්නත් පුළුවන්. එම නිසා ඔහු ද්විත්ව පුරවැසියෙකු නොවෙයි. මම ඉතා වගකීමෙන් කියන්නේ ඔහු තනතුරු දරන කිසිම අවස්ථාවක ද්විත්ව පුරවැසියෙකු නොවෙයි.”
2026 මැයි 05, ප.ව. 7:11
2026 මැයි 05, ප.ව. 2:44
2026 මැයි 05, ප.ව. 2:34
2026 මැයි 05, ප.ව. 2:31
2026 මැයි 05, ප.ව. 2:29
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
04-05-26
04-05-26