2026 මැයි 07, පෙ.ව. 12:27
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මැයි 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති පසුබිමක, එය දේශපාලන පළිගැනීමක් වුවහොත් දැඩි ජනතා විරෝධයක් එල්ල වන බව හිටපු අමාත්‍ය තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.
රටේ නීතියට අනුව සිදුවන සාධාරණ පරීක්ෂණවලට තමන් බාධා නොකරන බවත්, වංචාවක් හෝ දූෂණයක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ විමර්ශනය කිරීම නීත්‍යානුකූල බවත් ඔහු කියා සිටියා.
කෙසේ වෙතත්, නීතිය පසෙකලා දේශපාලන කුමන්ත්‍රණයක් හරහා හිටපු ජනාධිපතිවරයාව දිනකට හෝ අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළහොත් රටම දැවැන්ත අරගලයකට අවතීර්ණ වන බවට ඔහු සඳහන් කළා.
තීන්දු තීරණ ගන්නා බලධාරීන් මෙම තත්ත්වය මැනවින් අවබෝධ කරගත යුතු බවත්, මහින්ද රාජපක්ෂ නම් අසහාය නායකයා වෙනුවෙන් ජනතාව ඕනෑම මොහොතක සූදානමින් සිටින බවත් කුට්ටිආරච්චි මහතා අවධාරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“හොරකමක් වෙලා තියෙනවා නම් වංචාවක් වෙලා තියෙනවා නම් සාධාරණ පරීක්ෂණ කරන්න. ඒවට අපි අතපොවන්නේ නෑ. ඒකනේ රටේ නීතියක් තියෙන්නේ. හැබැයි නීතිය පසෙකින් තියලා පලිගැනීමේ චේතනාවෙන් මේ රටේ අපිට අභය ධානය දුන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව දේශපාලන කුමන්ත්‍රණයක් කරලා එක දවසක් හරි එතුමාව අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් යනවා නම් සමස්ථ රටේ ජාති දේදයකින්, ආගම් භේදයකින් තොරව රටේ විවිධ ආගමික නායකයින් වගේම බුද්ධාගමට ආදරය කරන බෞද්ධ රටක් වන අපේ රටේ මහා සංඝරත්නය ඇතුලු සමස්ථ රටේ ජනතාව රොද බැදගෙන 12 වෙනිදා මුළු කොළඹම වට දාන්නේ අපි ආරාධනා කරලා නෙවෙයි. බත් කන ජනතාව මහින්ද මහත්තයව හිරේ දාන්න දවසක් හරි හිරේට දාන්න තීරණය කලොත් පක්ෂ පාට කුල මල භේදයෙන් මහින්ද රාජපක්ෂ කියන අසහාය නායකයා වෙනුවෙන් කොළඹට එනවා කියන කාරණාව හොදට හිතේ තියාගෙන මේ තීන්දු ගන්න කියන එක නැවතත් අවධාරණය කරනවා.”
2026 මැයි 07, පෙ.ව. 12:23
2026 මැයි 07, පෙ.ව. 12:19
2026 මැයි 07, පෙ.ව. 12:18
2026 මැයි 07, පෙ.ව. 12:17
2026 මැයි 07, පෙ.ව. 12:16
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26