2026 මැයි 15, පෙ.ව. 11:30
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ 2026 වර්ෂය සඳහා වන වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසාන දිනය ජූනි මස 30 වැනි බවයි.
එසේම මෙවර ක්‍රියාවලියේ ඇති විශේෂත්වය වන්නේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් සියලුම ප්‍රකාශයන් ඩිජිටල් ක්‍රමවේදය (e-Assets Format) ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු වීම බව සඳහන් කරන කොමිෂන් සභාව අතින් සම්පූර්ණ කරන ලද (Manual) ප්‍රකාශයන් භාර නොගන්නා බව අවධාරණය කරයි.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ciaboc.gov.lk වෙත පිවිසීමෙන් විද්‍යුත් ක්‍රමයට තම ප්‍රකාශනය ඇතුළත් කළ හැකි බව දන්වයි.
එමෙන්ම කොමිෂන් සභාව නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ජූනි මස අවසාන දිනවලදී පද්ධතියට (System) එකවර විශාල පිරිසක් පිවිසීම හේතුවෙන් ජාලයේ තදබදයක් ඇති විය හැකි බැවින්, අවසාන මොහොත වන තෙක් ප්‍රමාද නොවී කල්තියා ලියාපදිංචි වන ලෙසයි.
එසේම නියමිත දිනට වත්කම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් බවත්, දූෂණ විරෝධී පනතේ (ACA) විධිවිධාන ප්‍රකාරව ජූනි 30 වැනිදාට පසු ප්‍රකාශ ඉදිරිපත් කරන්නන් සඳහා අධිභාරයකට (Surcharge) යටත් වීමට සිදුවෙන බවත් දැනුම් දෙයි.
ඊට අමතරව අනෙකුත් නෛතික පියවරයන්ද ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාව සූදානමින් සිටින බව එම නිවේදනයේ සඳහන්.
මේ අතර රාජ්‍ය අඛණ්ඩතාව සුරැකීම සඳහා වගකිවයුතු නිලධාරියෙකු ලෙස අදම ඔබේ විද්‍යුත් වත්කම් ප්‍රකාශනය (E-Declaration) සම්පූර්ණ කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටියි.
2026 මැයි 15, ප.ව. 12:56
2026 මැයි 15, පෙ.ව. 12:27
2026 මැයි 15, පෙ.ව. 12:24
2026 මැයි 15, පෙ.ව. 12:22
2026 මැයි 15, පෙ.ව. 12:17
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
13-05-26
12-05-26
12-05-26
12-05-26
12-05-26