2026 මැයි 18, පෙ.ව. 12:26
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු රට ගොඩනැගීමට හොඳම දැක්මක් තිබූ නායකයා බවත්
ආර්ථික අර්බුදය අවස්ථාවේ ඔහු ගත් තීන්දු නිසා තමන්ගේ නිවසද ගිනි තබනු ඇතැයි භීතියට පත්ව රෑට නින්ද නොයන තත්ත්වයක් ඇති වූ බවත් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
හිටපු ඇමතිවරයා සඳහන් කළේ, දිනකට පැය 12ක් පමණ සිදුකළ විදුලි කප්පාදුව නවතා පැය 24ම විදුලිය දෙමින් විදුලි බිල වැඩි කිරීමට එවක ජනාධිපති රනිල් ගත් තීන්දුවට තමන් විරුද්ධ වූ බවයි.
එහෙත් රටේ සංචාරක කර්මාන්තය පවත්වාගෙන යෑමටත් ආයෝජන ගලා ඒමටත් විදුලිය අවශ්‍ය බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා, විදුලි කප්පාදුව නවතා විදුලි බිල වැඩි කළ බවද මහින්ද අමරවීර අනාවරණය කරයි.
රනිල් වික්‍රමසිංහ ඩොලරය රු. 292ට ගෙන ආ බවත් එය 250 දක්වා පහත හෙළීම ඔහුගේ අරමුණ වූ බවත් පෙන්වා දෙන අමරවීර, එම මාස කිහිපය තුළ අපේක්ෂිත ආදායමට වඩා බිලියන 300ක මුදල් භාණ්ඩාගාරයේ ඉතිරි වූ බවද සඳහන් කරයි.
එම මුදල් යොදවා ජනතාවට සහන දී බඩු මිල අඩුකර ජනාධිපතිවරණයට යෑමට ඇමති මණ්ඩලය යෝජනා කළද රනිල් වික්‍රමසිංහ එම මුදල් යොදවා රුපියල ශක්තිමත් කිරීමට කටයුතු කර බැංකු පොළී අනුපාත පහත දැමීමට සැලසුම් කළ බවද හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි.
එම ජනාධිපතිවරණයේදී රනිල් පරාජය කිරීමෙන් ඔහුට කිසිදු අවාසියක් සිදු නොවුණද රටට විශාල පාඩුවක් සිදු වූ බවත් ඔහු නැවත ජනාධිපති ධුරයට පත්වූයේ නම් ඩොලරය රු. 250 දක්වා පහත දමා විශාල සංවර්ධනයක් සිදුකරනු ඇති බවද හිටපු ඇමතිවරයා සඳහන් කරයි.
සියත නාලිකාව සමග දේශපාලන සංවාදයකට එකතු වෙමින් ඔහු මේ බව කීය.
2026 මැයි 18, පෙ.ව. 8:21
2026 මැයි 18, පෙ.ව. 12:15
2026 මැයි 18, පෙ.ව. 12:12
2026 මැයි 18, පෙ.ව. 12:12
2026 මැයි 18, පෙ.ව. 12:11
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
17-05-26
17-05-26
17-05-26
17-05-26
17-05-26
17-05-26
17-05-26
17-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26