hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 මැයි 18, පෙ.ව. 11:07



සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු එම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු වත්මන් රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, කුමන ආකාරයේ ප්‍රචාර පැතිරවූවත්, කෙතරම් ආරාධනා ලැබුණත්, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රතිපත්තිමය වශයෙන් මෙම රජය සමඟ එක් නොවන බවයි.

තමන් සාමාන්‍යයෙන් අන් අය වෙනුවෙන් චරිත සහතික දෙන පුද්ගලයෙකු නොවන බවත්, සමඟි ජන බලවේගය යනු කුඩා එහෙත් ශක්තිමත් කණ්ඩායමක් බවද ඔහු පෙන්වා දුන්නා.

ළඟදීම තමන්ගේම ආණ්ඩුවක් බලයට පත්වන බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී, මෙවැනි ‘කබල් ආණ්ඩුවකට’ එක්වීමට කිසිදු මන්ත්‍රීවරයෙකුට අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,

“ආචාර්ය හර්ෂ ද සිල්ව මැතිතුමා පාර්ලිමේන්තුවේ මාත් එක්ක එකට වාඩි වෙලා ඉන්න මිත්‍රයා 2010 අපි එකට ආවේ. එතුමා මොනම හේතුවක් නිසාවක්වත් මේ ආණ්ඩුවේ තනතුරු දරන්නේ නෑ. මොන තරම් කතන්දර පැතුරුවත්, එනවා එනවා කියලා කිව්වත්, කොච්චර ආරාධනා කළත් හර්ෂ මැතිතුමා මේ ආණ්ඩුවේ කිසිම තනතුරක් දරන්නේ නෑ, බාරගන්නේ නෑ. ප්‍රතිපත්තිමය වශයෙන් දුර්වල, දර්ශනයක් නැති, දැනටමත් විදේශ විනිමය පිළිබඳ මේ ගැඹුරු අර්බුදයකට මුහුණ දීලා තියෙන, දැනටමත් නිසි කළමනාකරණයක් නැති නිසා මූල්‍ය පාලනයේ බැංකු පද්ධතියේ විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙන, නිවැරදි දර්ශනයක් නැති නායකත්වයක් තියෙන මේ කණ්ඩායමට සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිසි කෙනෙක් මොනම වෙලාවක්වත් එකතු වෙන්නේ නැහැ කියලා මට 100%ක් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනිත් අය ගැන චරිත සහතික දෙන කෙනෙක් නෙවෙයි මම. අපිට ඉන්නේ කුඩා කණ්ඩායමක් ඉන්නේ. මේ අමාරු වෙලාවක තේරී පත්වෙලා ආපු කණ්ඩායමක් මේ ආණ්ඩුව. අපිට ළඟ ළඟ අපේම ආණ්ඩුවක් එනවා කියලා පේනකොට මොකටද මේ කබල් ආණ්ඩුවට යන්නේ?”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: