hit counter

2026 මැයි මස 18 වන සඳුදා

2026 මැයි 18, ප.ව. 5:02



බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය ඉදිරිපිට අද (18) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක්, රණවිරු දිනය නිමිත්තෙන් රණවිරුවන්ට උපහාර පිදීම සඳහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී මෙම තත්ත්වය උද්ගත විය.

හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයේ කටයුතු සූදානම් කරමින් පවතින බැවින්, එම ස්ථානයට ඇතුළු විය නොහැකි බව පොලිසිය දැනුම් දීමත් සමඟ දෙපාර්ශවය අතර බහින්බස්වීමක් සිදුව ඇත.

 එහිදී ඇති වූ උණුසුම්කාරී වාතාවරණය මධ්‍යයේ විමල් වීරවංශ මහතා බිම ඇද වැටී තිබේ.

”අපි ආවේ මල් තියන්න. මේ ස්මාරකය මහජන පොදු දේපළක්. රණවිරුවා කියන්නෙ නැති ජනාධිපතිගෙ රූකඩ වෙන්න එපා පොලීසිය. රටේ රණවිරුවාව තුට්ටු දෙකට දාපු පාලනයක්. අපිට අපේ රණවිරුවා වෙනුවෙන් මල් තියලා හිස නවලා යන්න තියෙන අයිතිය උදුරගන්නවා. පැලවත්තෙ බලකාය එකට තියලා පරද්දනවා. රණවිරුවට රණවිරුවා කියන්න පුළුවන් අභිමානවත් දවසක් අපි නැවත උදා කරනවා…” – විමල් වීරවංශ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: