2026 මැයි 19, පෙ.ව. 12:07
ඉඳුරු පැහැසර, ඔහුගේ මරණය සියල්ලන් කම්පා කරන මේ මරණය ගැන ඇසෙන්නේ මීට දින කිහිපයකට ඉහතදීයි.
ඔහු ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ, තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවන වසර ඉගෙනුම ලබන සිසුවෙක්.
ඔහුගේ මේ හදිසි වියෝවත් එක්ක මුහුණුපොතේ පළවුණු එක්තරා සටහනක් ඇසූවන්ගේ හදවත් තවත් කම්පා කරවන්න සමත්වුණේ මෙන්න මේ කාරණය නිසයි. අද ඉඳුරුත් නැති ලෝකයේ ඔහුගේ පියා සදා තනිවන්නේ ඔහුගේ මවත් මීට මාස කිහිපයකට ඉහතදී ජීවිතයෙන් සමුගන්නා නිසයි.
“ගාල්ලේ ඉඳන් උඩුගම බලා ධාවනය වුණු බස් එකේ කටකපලා සෙනඟ ඉන්න ඇති. අනිත් හැමෝම වගේම ඒ අහිංසක කොල්ලටත් ඕන වෙන්න ඇති කොහොම හරි රෑ වෙන්න කලින් ගෙදරට ගොඩවැදෙන්න. ඒත්, මකුළුව හන්දිය ළඟදි ඒ බලාපොරොත්තු ඔක්කොම බස් එකේ දොරෙන් එළියට ඇදලා වැටෙයි කියලා කවුද හිතුවේ?
අම්මා නැතිවෙලා තාම මාස තුනයිලු. අම්මා ගියාට පස්සේ තනි වුණු තාත්තව බලාගන්න, මුළු පවුලේම බර කරට ගත්තු දරුවෙක්. තාත්තා මඟ බලාගෙන ඇති කියලා මහන්සි නොබලා බස් එකේ එල්ලිලා හරි ගෙදර යන්න හැදුවේ ඒ නිසයි. ඒත් අන්තිමට ඒ අහිංසකයාට ගෙදර යන්න වුණේ සුදු රෙද්දකින් වැහිලා, මිනී පෙට්ටියක සැතපිලා…
ඇයි මේ වගේ අවාසනාවන්ත දේවල් අපේ රටේ හැමදාම අහන්න ලැබෙන්නේ..? කලකිරෙනවා.
කිසිම වරදක් නොකරපු, ජීවිතය දිනන්න වෙහෙස මහන්සි වුණු අහිංසක මිනිස්සු තමන්ගේ ජීවිතවලින් මෙහෙම වන්දි ගෙවන්න ඕනෙද?
බස් එකේ එල්ලිලා යන එක වැරදියි කියලා බණ කියන්න ලේසියි. ඒත්, නියමිත වෙලාවට බස් එකක් නැතිව, රස්සාව ඉවර වෙලා කොහොම හරි තමන්ගේ කූඩුවට යන්න බලන අසරණ මිනිස්සුන්ට වෙන මොනවා කරන්නද?
බලධාරීනි, තව කී දෙනෙක් මෙහෙම පාරවල් ගානේ මැරෙන්න ඕනෙද මේවට විසඳුම් දෙන්න පොදු ප්‍රවාහනය විධිමත් කරලා, මිනිස්සුන්ට ගෞරවනීය විදිහට, ආරක්ෂිතව තමන්ගේ නිවසට යන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න.
ඒ ආදරණීය සහෝදරයාට නිවන් සුව අත්වේවා…!
දුක උහුලාගත නොහැකිව තනිවුණු ඒ පියාට සහ සොහොයුරාට මේ ශෝකය දරාගැනීමට ශක්තිය ලැබේවා…!
2026 මැයි 18, පෙ.ව. 12:15
2026 මැයි 17, පෙ.ව. 12:11
2026 මැයි 16, පෙ.ව. 12:17
2026 මැයි 15, ප.ව. 4:18
2026 මැයි 15, පෙ.ව. 12:11
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
17-05-26
17-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26