2026 මැයි 19, පෙ.ව. 10:12
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.
එම චක්‍රලේඛයට අනුව මැයි මස (31) වන දින සිට සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම හා භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු වේ.
තවද තනි භාවිත ප්ලාස්ටික් ආයතනය තුළ භාවිතයෙන් වැළැක්වීම සඳහා සියලුම ආයතන ප්‍රධානීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.
නව චක්‍රලේඛයට අමතරව පසුගිය වසරේ අප්‍රේල් මස (02) වන දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සදහන් විධිවිධාන ද බලාත්මක බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන “ත්‍රී ආර්“ සංකල්පයට අනුගත වීම එනම් අවම කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය සිදුකළ යුතු වේ.
2026 මැයි 19, ප.ව. 3:03
2026 මැයි 19, ප.ව. 1:26
2026 මැයි 19, ප.ව. 12:09
2026 මැයි 19, ප.ව. 12:07
2026 මැයි 19, පෙ.ව. 11:00
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
17-05-26
17-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26