hit counter

2026 ඔක්‍තෝබර් මස 29 වන බ්‍රහස්පතින්දා

2026 මැයි 20, පෙ.ව. 12:06



රියැදුරු බලපත්‍රයේ ඇස් කණ්ණාඩි පැලඳීම අනිවාර්ය කර තිබියදීත්, ඇස් කණ්ණාඩි නොමැතිව රිය පදවන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බව පොලිස් රථවාහන මූලස්ථානය පවසයි.

රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මීට පෙර එවැනි රියැදුරන්ට දඩකොළ නිකුත් කළද, මේ වනවිට ඔවුන් සෘජුවම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

වර්තමානයේ රිය අනතුරු ඉහළ යාමට රියැදුරන්ගේ පෙනීමේ දුර්වලතා ද එක් හේතුවක් වී ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇත. රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී පූර්ණ පෙනීම පරීක්ෂා කරන අතර, පෙනීම දුර්වල පුද්ගලයින්ට ඇස් කණ්ණාඩි පැලඳීම අනිවාර්ය කරමින් ප්‍රවාහන වෛද්‍ය සහතික නිකුත් කරන බවද සඳහන් වේ.

ඒ අනුව, එවැනි රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රයේ ඇස් කණ්ණාඩියක සලකුණක්ද සටහන් කරනු ලබන බව පොලිසිය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: