2026 මැයි 19, ප.ව. 6:33
මෑත ඉතිහාසයේ මාතෘභූමිය නිදහස් කර ගැනීම වෙනුවෙන් දිවි පිදූ සහ කැපකිරීම් කළ වීරෝධාර රණවිරුවන් ප්‍රාර්ථනා කළ සාමකාමී, සංවර්ධිත සහ සර්ව සාධාරණ රට නිර්මාණය කිරීමේ වගකීම වර්තමාන රජය කොන්දේසි විරහිතව භාරගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
යුද්ධය අවසන් වී වසර 17ක් සපිරෙන අද දින පැවැති ජාතික රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
තමන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් ජීවිත සහ ශරීර කොටස් පරිත්‍යාග කළ සියලු රණවිරුවන්ටත්, එවැනි වීරෝධාර දරුවන් දේශයට දායාද කළ දෙමාපියන්ටත් දේශයේ උත්තමාචාරය හිමිවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
රණවිරුවන්ගේ එම අසමසම කැපකිරීම් නොතිබෙන්නට අද අපට මෙවැනි නිදහස් රටක ජීවත් වීමට අවස්ථාව නොලැබෙන බවත්, ඔවුන්ගේ වීරත්වය ඉතිහාසයේ නොමැකෙන ලෙස ලියැවෙනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
යුද්ධයේ බිහිසුණු බව සහ විනාශකාරීත්වය වැඩියෙන්ම දන්නේ රණවිරුවන් බවත්, ඔවුන් සැමවිටම ප්‍රාර්ථනා කළේ සාමකාමී රටක් බවත් ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
“අප යුද්ධයේ කතාව ඉතිහාසයට පවරා, සාමයේ වන්දනාව වර්තමානයට එකතු කරගත යුතුයි” යනුවෙන් පැවසූ ඒ මහතා, රජයේ මූලික අරමුණ යුද්ධය හොඳද නරකද යන්න විනිශ්චය කිරීම නොව, නැවත කිසිදාක එවැනි යුද්ධයක් ඇති නොවන පරිදි වගබලා ගැනීම බව සපථ කළේය.
කිසිදු පුරවැසියෙකුට විශේෂ වරප්‍රසාද නොමැති, සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන වන සහ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සෑම ජනකොටසකටම සමාන අයිතිවාසිකම් භුක්ති විඳිය හැකි මානවවාදී ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම තම ගමනාන්තය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඇතැම් බලලෝභී දේශපාලකයන්ගේ සහ අන්තවාදීන්ගේ අවශ්‍යතා මත මිනිසුන් බෙදා වෙන් කළ යුගය අවසන් කළ යුතු බවත්, ජාතිවාදයේ සහ ආගමික අන්තවාදයේ ගොදුරක් වීමට යළි රටට ඉඩ නොතබන බවත් ඔහු අවධාරණය කළේය.
දශක ගණනාවක් පුරා රට වෙළාගෙන ඇති ආර්ථික යුද්ධය, විරැකියාව සහ අසරණ දරුවන්ට දෙමාපිය සෙනෙහස අහිමි වන ව්‍යසනයන් ජයගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රණවිරුවන් දිවි හිමියෙන් රැකගත් මෙම මාතෘභූමිය, ලෝකය ඉදිරියේ බැබළෙන ආදර්ශමත් සහ දීප්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීම ඔවුන්ට කළ හැකි ඉහළම ගෞරවය බවත් ජනාධිපතිවරයා සදහන් කළේය
2026 මැයි 20, ප.ව. 12:30
2026 මැයි 20, ප.ව. 12:15
2026 මැයි 20, ප.ව. 12:03
2026 මැයි 20, පෙ.ව. 12:31
2026 මැයි 20, පෙ.ව. 12:23
20-05-26
20-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26