2026 මැයි 21, පෙ.ව. 12:09
විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රුපියල් 10,000ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පැවසූහ.
එම කාරක සභාව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) නාමල් සුදර්ශනගේ සහභාගිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී නිලධාරීහු මේ බව සඳහන් කළහ.
කුඩා දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම හේතුවෙන් සමාජය තුළ පැන නගින ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස මීට පෙර කාරක සභාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී (දේශීය කටයුතු) වෙත මෙම කාරක සභාව ලබා දුන් උපදෙස්වල ප්‍රගතිය විමසීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු මේ බව පවසා සිටියහ.
මේ අනුව විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ මාසික ආදායම ඇ.ඩො. 400ට වැඩි නම් මෙම දීමනාව හිමි වන බවත් ඒ සඳහා මූලිකව රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර ඇති බවද එම නිලධාරීහු පැවසූහ.
මීට අදාළ අනුමතිය ලබා ගැනීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවත් ඉන්පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා අදාළ පිළිගත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මාසිකව ගෙවීම් සිදු කළ හැකි බවත් ඔවුහු සඳහන් කළහ.
වඩාත් සාධනීය පියවරක් ලෙස හඳුනාගත හැකි මෙය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද කාරක සභා සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මෙහිදී පෙන්වා දුන්නාය.
පෙර පැවති කාරක සභාවේදී උපදෙස් ලබා දුන් පරිදි පොලිස් නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරුණු අතර මේ වනවිට උප පොලිස් පරීක්ෂකවරියන් 50 දෙනෙකු බඳවා ගැනීමට සහ පොලිස් කොස්තාපල්වරියන් 2600 දෙනෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බව අනාවරණය විය.
2026 මැයි 21, පෙ.ව. 12:24
2026 මැයි 21, පෙ.ව. 12:19
2026 මැයි 21, පෙ.ව. 12:18
2026 මැයි 21, පෙ.ව. 12:17
2026 මැයි 21, පෙ.ව. 12:13
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
19-05-26
19-05-26