hit counter

2026 මැයි මස 22 වන සිකුරාදා

2026 මැයි 23, පෙ.ව. 12:10



මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඇදහැලෙමින් පවතින අධික වැසි හමුවේ අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පූවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා ඇත.

කාලගුණය අයහපත් වීම හේතුවෙන් වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් විශේෂයෙන් පැයට කිලෝමීටර් 60 වේගසීමාවේ ධාවනයේ යෙදෙන ලෙසත් දැනුම්දෙයි.

වාහන දෙකක් අතර පරතරය තබාගන්නා ලෙසත් එකවරම තිරිංග භාවිතයේදී අනතුරුදායක ලෙස රථය ලිස්සා යාහැකි බැවින් ඒ පිළිබඳව අවබෝධයෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට උපදෙස් දී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: