2026 මැයි 26, පෙ.ව. 12:10
ශ්‍රී ලංකා රක්ෂණකරුවන්ගේ සංගමයේ සාමාන්‍ය රක්ෂණ සංසදයේ සභාපති දිනූෂ තිලංක මහතා පවසන්නේ රක්ෂණ කාඩ්පත ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය යටතේ ඉදිරියේදී රක්ෂණය සම්බන්ධ සියලුම ලියකියවිලි ඩිජිටල්කරණයට ලක් කිරීමට නියමිත බවයි.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ඩිජිටල් රක්ෂණ කාඩ්පත සම්බන්ධව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්ය.
දැනට ලැබී ඇති තමන්ගේ වාහනයට අදාළ රක්ෂණ කාඩ්පත මින් ඉදිරියට නොලැබෙන බවත් රක්ෂණ ආයතන වෙතින් මින් ඉදිරියට ලැබෙන්නේ ඊට අදාළ ඩිජිටල් කාඩ්පතක් බවත් එම ඩිජිටල් රක්ෂණ කාඩ්පත තමන්ගේ ජංගම දුරකථන මගින්, වෙබ්, හෝ QR කේතයන් මගින් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු පැවසුවේය.
ලබා ගත් එම ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඕනෑම අවස්ථාවක සත්‍යාපනය කිරීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා 1338 යන ක්ෂණික ඇමතුම් අංකය මගින් එම කාර්ය සිදුකරගත හැකි බවත් මේ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එහෙම නැත්නම් ඔප්පු අංකය කියන පොලිසි නම්බර් එක. මේ දෙකම එක පාර සඳහන් කරන්න අවශ්‍ය නෑ ඒ කියන්නේ වෙහිකල් අංකයෙන් සහ පොලිසි අංකයෙන් මෙය සොයාගත හැකියි. ඊළඟ එක තමා IBR එක. මේක සාමාන්‍යයෙන් ඔබ දැක ඇති ඕනෑම පාස්කෝඩ් ආයතනයක් තමන්ගේ දුරකථන නාමාවලිය ක්‍රියාත්මක කරන විදිහ. ඒ නම්බර් එක 1338 නම්බර් එකට ඔබට වොයිස් කෝල් එකක් ගන්න හැකියාවක් තියෙනවා ඒ වොයිස් කෝල් එක ගත්තාමත් ඊළට එන මෙනු එකෙන් ඔබට සිලෙක්ට් කරන්න පුළුවන් ඔබට අදාළ රක්ෂණ ආයතනය. සියලුම රක්ෂණ ආයතන මීට ඇතුළත් කරලා තියෙන්නේ. එතනින් රක්ෂණ ආයතනය සිලෙක්ට් කළාම ඩිරෙක්ට්ලි අපේ රක්ෂණ ආයතන කෝල් සෙන්ටර් තමා සම්බන්ධ වෙන්නේ. එතැනින් පුළුවන් ඔබට රක්ෂණ ආයතන සමග සම්බන්ධ වෙලා ඔබගේ වාහන අංකය නැත්නම් පොලිසි නම්බර් එක ලබා දීමෙන් ඒ වෙලාවේම වෙරිෆයි කර ගැනීමේ හැකියාව තිබෙනවා. පළවෙනි අවස්ථා දෙක අපි ලබා දීලා තියෙන්නේ ඒ වෙලාවේම ක්ෂණිකව ගන්න පුළුවන්. හැබැයි යම් කිසි අවස්ථාවක පළවෙනි අවස්ථා 2දි සම්බන්ධ කරගන්න ආවේ නැත්නම් 1338 කියන නම්බර් එක කෝල් ෆී නම්බර් එකක් එක පැය 24 පුරාම 365 දවසෙම වැඩ කරනවා. ඒ නම්බර් එකට ඔබට කෝල් කරන්න පුළුවන්. ඒ නිසා මේ සේවාව පාවිච්චි කරන්න.”
2026 මැයි 26, පෙ.ව. 12:21
2026 මැයි 26, පෙ.ව. 12:18
2026 මැයි 26, පෙ.ව. 12:18
2026 මැයි 26, පෙ.ව. 12:14
2026 මැයි 26, පෙ.ව. 12:10
26-05-26
26-05-26
26-05-26
26-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
23-05-26
23-05-26
22-05-26
22-05-26
22-05-26
22-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26