2026 මැයි 27, පෙ.ව. 12:07
පෞද්ගලික වාහනයක් මිලදී ගැනීම සඳහා ලබාගත හැකි උපරිම ණය සීමාව එම වාහනයේ වටිනාකමින් සියයට 40ක් දක්වා සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ වාහන සිහිනය මුළුමනින්ම බොඳ වී ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති.
වත්මන් ආර්ථික අපහසුතා හමුවේ පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය තවමත් අපේක්ෂිත මට්ටමට ඉහළ ගොස් නොමැති පසුබිමක , මෙම නව රෙගුලාසි මඟින් ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව රජය විසින් අහිමි කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.
සාමාන්‍ය ජනතාවගේ පවතින වැටුප් හා ආදායම් මට්ටම් අනුව අත්පිට මුදලට වාහනයක් මිලදී ගැනීමේ හැකියාවක් ඔවුන්ට නොමැති අතර , රට තුළ අත්පිට මුදලට වාහන මිලදී ගනු ලබන්නේ ඉතා සුළු පිරිසකි.
බහුතරයක් ජනතාවට වාහන සිහිනය සැබෑ කර ගැනීමට තිබූ එකම මාර්ගය වාහන ණයක් (ලීසිං පහසුකමක්) ලබා ගැනීම පමණක් බව වාහන ආනයනකරුවෝ සඳහන් කරති.
නව තීරණයට අනුව වාහනයක් මිලදී ගැනීමේදී එහි වටිනාකමෙන් සියයට 60ක මුදලක් පාරිභෝගිකයා සතු විය යුතු අතර, එවැනි විශාල මුදලක් සොයා ගැනීම සාමාන්‍ය ජනතාවට අතිශය අපහසු කරුණක් වනු ඇත. ලංකාවේ වැඩිපුරම අලෙවි වන්නේ පෞද්ගලික වාහන බැවින් , ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව මෙලෙස සීමා වීම තුළින් ඉදිරියේදී සමස්ත වාහන කර්මාන්තයම දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතී.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රුද්‍රිගු මහතා ප්‍රකාශ කළේ, මහ බැංකුව විසින් වාණිජ වාහන සඳහා සියයට 60ක සහ පෞද්ගලික වාහන සඳහා සියයට 40ක උපරිම ණය සීමාවක් පැනවීමට කටයුතු කර ඇත්තේ වාහන ආනයනය සීමා කිරීමේ සෘජු අරමුණින් යුතුව බවයි.
රජය විසින් වාහන ආනයනයට ඉඩ ලබා දී තිබුණද, මිලදී ගැනීම් සීමා කිරීම ගැටලුසහගත බවත්, මේ පිළිබඳව මීට පෙර නිසි තීරණයකට එළැඹිය යුතුව තිබූ බවත් හෙතෙම සඳහන් කළේය. මෙම නව සීමා කිරීම් හේතුවෙන් ඉදිරියේදී වාහන ආනයනය පහළ යනු ඇති අතර , වෙළෙඳපොළ තුළ වාහන මිල තවදුරටත් ඉහළ යා හැකි බවද ආනයනකරුවෝ පවසති.
පවතින තත්ත්වය මත දැනටමත් වෙළෙඳපොළ තුළ බහුලව භාවිත වන ‘සුසුකි ඇල්ටෝ’ සහ ‘වැගන් ආර්’ රථවල මිල ගණන් රුපියල් ලක්ෂ 8ත් 10ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.
සංගමයේ උප සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම තීරණය පාවිච්චි කළ වාහන වෙළෙඳපොළ කෙරෙහි බලපෑමක් එල්ල නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. කෙසේ වුවද, සමාජ ආරක්ෂණ බද්ද, අධිහාරය ඇතුළු සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී වාහන මිල ගණන් නිසැකවම ඉහළ යනු ඇත. ආනයනය කරනු ලබන වාහන දින 90ක් ඇතුළත විකිණිය යුතු බැවින්, ආනයනකරුවන් දැනට ගෙන්වනු ලබන්නේ මාසයකට පමණක් සෑහෙන වාහන ප්‍රමාණයක් වීමද මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව ඔහු අවධාරණය කළේය.
2026 මැයි 27, පෙ.ව. 12:20
2026 මැයි 27, පෙ.ව. 12:15
2026 මැයි 27, පෙ.ව. 12:14
2026 මැයි 27, පෙ.ව. 12:13
2026 මැයි 27, පෙ.ව. 12:12
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26