hit counter

2026 මැයි මස 27 වන බදාදා

2026 මැයි 28, පෙ.ව. 12:13



විපක්ෂය විසින් ආර්ථික කඩාවැටීමක් ගැන නිරන්තරයෙන් පැවසුවද ආර්ථික දත්ත තුළ දැවැන්ත වර්ධනයන් අත්පත් කරගෙන සිටින බව සබුද්ධික ජනතාව දන්නා බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

ඒක පුද්ගල ආදායම ඩොලර් 5003 දක්වා වැඩි වී තිබීම,ආර්ථිකය ඩොලර් බිලියන 108 දක්වා වැඩි වී තිබීම,විරැකියාව අඩු වීම, සංචාරකයින්ගේ පැමිණීමේ වැඩි වීම,ඉතිහාසයේ වැඩිම ප්‍රේෂණ ලැබීම සිදුව තිබීම වැනි ආර්ථික දත්ත තුළ යම් ස්ථාවර මට්ටමකට රට පැමිණ තිබෙන බව පැහැදිලි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඕනෑම රටකට අභ්‍යන්තර මෙන්ම බාහිර බලපෑම් හමුවේ ඒවා කළමනාකරණය කිරීම ආණ්ඩුකරණය වන අතර ඒවායින් පලායාම නොවන බවත් ඒ අනුව ආණ්ඩුව සියලු අභියෝග කළමනාකරණය කරගනිමින් ඉදිරියට යන බවත් හේවගේ මහතා තවදුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: