2026 මැයි 31, පෙ.ව. 12:18
ශ්‍රී ලංකාවට තෙල්, ගෑස් හෝ රත්තරන් වැනි වාණිජමය වශයෙන් වටිනා ස්වභාවික සම්පත් හිඟ වුවද, රට සතු ප්‍රධානම සම්පත වන ‘මානව සම්පත’ දියුණු කිරීම හරහා ලෝකයේ දියුණුම ශ්‍රම වෙළඳපොළ ජයග්‍රහණය කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ගලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ලෝකයේ භාණ්ඩ වෙළඳපොළ මෙන්ම ශ්‍රම වෙළඳපොළක්ද පවතින බවත්, ශ්‍රී ලංකාව මේ වන විට එම ශ්‍රම වෙළඳපොළේ හිමිකරගෙන සිටින්නේ ඉතා පහත් මට්ටමක පංගුවක් බවත්ය.
වර්තමානයේ විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් වෘත්තීය මට්ටමේ රැකියාවන් සඳහා පිටත්ව යන්නේ 3.5% ක් වැනි සුළු පිරිසක් පමණක් බවත්, ඉතිරි 96% කට ආසන්න පිරිස පුහුණු, නුපුහුණු, අර්ධ පුහුණු හෝ ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන බවත් ඔහු අනාවරණය කළේය.
මෙම තත්ත්වය වෙනස් කරමින් ලෝකයේ දියුණු තාක්ෂණයෙන් හෙබි ශ්‍රම වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා මෙරට අධ්‍යාපන පද්ධතිය මුළුමනින්ම පරිවර්තනයකට ලක් කිරීමට රජය සැලසුම් කර ඇත.
ඒ අනුව, 2032 වසර වන විට මෙරට වෘත්තීය විශ්වවිද්‍යාල 50ක් ආරම්භ කිරීමට අපේක්ෂිතය.
අනාගත දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ඥානය හා සම්බන්ධ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය, වෘත්තීය රැකියාවන් හා සම්බන්ධ අලුතින් ස්ථාපනය කරන වෘත්තීය විශ්වවිද්‍යාල 50 ප්‍රධාන මාවත් දෙකක් විවෘත වන බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය:
“අපිට තාම තෙල් නෑ, ගෑස් නෑ, රත්තරන් නිධි නෑ, තුත්තනාගම් නිධි නෑ. අපේ ප්‍රධානම සම්පත මේ මානව සම්පතයි. ඒ නිසා අපි අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් ඇති කරමින් මෙම මානව සම්පත දියුණු කර ලෝකයේ දියුණුම ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගන්නවා” යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
2026 මැයි 31, පෙ.ව. 12:19
2026 මැයි 31, පෙ.ව. 12:19
2026 මැයි 31, පෙ.ව. 12:17
2026 මැයි 31, පෙ.ව. 12:16
2026 මැයි 31, පෙ.ව. 12:14
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26