hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 04, පෙ.ව. 11:10



පවතින ආර්ථික තත්ත්වය හමුවේ රජය විසින් වාහන මිල ඉහළ දැමීම සඳහා කිසිදු ආකාරයක බදු වැඩි කිරීමක් සිදු කර නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි. 

සිරස නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ වාහන මිල ඉහළ යාම රජයේ තීරණයක් නොව වෙළඳපොළ තුළ සිදුවූ අත්තනෝමතික හැසිරීමක ප්‍රතිඵලයක් බවයි.

පෞද්ගලික වාහන පාලනයක් පමණයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාණිජ වාහන හෝ කුඩා වාහන සඳහා නොව, පෞද්ගලික මෝටර් රථ වැනි වාහන පරිභෝජනය මාස තුනක කාලයකට ප්‍රමාද කරන ලෙස රජය ඉල්ලීමක් කළ බවයි.

 එහෙත් එම තීරණයත් සමඟ වෙළඳපොළ තුළ වාහන මිල 50%කින් පමණ ඉහළ නංවා ගැනීමට ඇතැම් පාර්ශව කටයුතු කර ඇති බවත්, එය රජය පැනවූ බදු නිසා සිදු වූවක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ආර්ථිකය හකුළුවන්නේ නැති ප්‍රතිපත්තියක් රටේ පවතින ඩොලර් සංචිත ප්‍රමාණය කළමනාකරණය කර ගැනීම සහ අත්‍යවශ්‍ය දේ සඳහා ප්‍රමුඛතාවය ලබා දීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා පැවසීය. 

ලෝක දේශපාලනික තත්ත්වයන් සහ යුධමය වාතාවරණයන් හමුවේ වුවද, රජයේ උපාය මාර්ගය වී ඇත්තේ ආර්ථිකය හකුළුවන්නේ නැතිව ඉදිරියට ගෙන යාම බව ඔහු සඳහන් කළේය.

මිල පාලනය සහ ජනතා සහනය තෙල් මිල ඇතුළු අනෙකුත් භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සහ ඩොලරයේ අගය ඉහළ යාම හමුවේ වුවද රජය උපරිමයෙන් ජනතාවට සහන ලබා දීමට කටයුතු කර ඇති බවයි. 

රජය මිල වැඩි කරනවා වෙනුවට භාණ්ඩාගාරය සතු මුදල් උපයෝගී කරගනිමින් පීඩාවට පත් කණ්ඩායම් වෙත සහන ලබා දී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: