hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 ජූනි 05, ප.ව. 2:16



ජුනි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.

  ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකිරීමට එම සමාගම තීරණය කර තිබේ.

මේ අනුව 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් ජුනි මාසය සඳහා ද වලංගු වෙයි. ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහත පරිදි වේ.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල -රු. 4,765 

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල – රු. 1,910

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල  -රු. 890 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: