hit counter

2026 ජූනි මස 05 වන සිකුරාදා

2026 ජූනි 06, පෙ.ව. 12:06



 මුළු රටේම මහත් ආන්දෝනයට තුඩදුන් සිදුවීමක් තමයි පසුගිය දා සිදුවුණ අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න.

මෙම ගින්න හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් අයෙකු මියගොස් ඇත ඒ අනුව 3 වනදා සිදුවූ මෙම අවාසනාවන්ත අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 13 දක්වා ඉහළ ගොස් ඇත.

තවමත් පුද්ගලයන් පස්දෙනෙකු (5) බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. මෙම අනතුර සිදු වන අවස්ථාවේදී මෙම රැඳවුම් මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 72 දෙනෙකු සිට ඇති අතර, ගින්න හටගත් අවස්ථාවේදීම ඉන් 10 දෙනෙකු ගොඩනැගිල්ල තුළදීම පිළිස්සී මියගොස් තිබුණි.

හොරණ – බටගොඩ පිහිටි සෙනෙහසසේ කැදැල්ල නැමැති නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත . 

ඒ, ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මේ ගැන සමාජයේ බොහෝ දෙනා බොහෝ කතා කියනවා පෙනුණි .

කෙනෙක් එහි අධ්‍යක්ෂවරයාට වැරදී යන්න කියයි තවත් පිරිසක් ඔහු වෙනුවෙන් කතා කරනවා පෙණුනි .නමුත් තවමත් මෙහි විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී .

ඔබ ආදරේ රංගන ක්ෂේත්‍රයේ සුදීක්ෂා අපි ඒ නවාතැනට ගොස් කාලය ගත කරනවා සමාජ මාධ්‍ය ඔස්සේ දැක තිබුණි.

ඉතිං ඇය එහි අධ්‍යක්ෂවරයා වන ලොකු අයියා ගැන සදහන් කරන්නේ මෙවන් අදහසක්  

මේ අහපන් ටිකක් ,

තමන්ගෙම අම්මා තාත්තව අඩුම ගෙදර වත් ගැටහලා හරි බලාගන්න බැරි සමහරක් එවුන් කියනවා

” ඇදවල් වල ගැටහලා තිබ්බ නිසයිලු එහෙම උනේ “

තවත් තැනක ඇහුනා තව එකියක් , තමන්ගෙම අක්කගෙ පුතා අඩුම ගෙදර තියා වත් බලා ගන්න බැරුව ” රුපියල් තිස්පන්දහසක ජාතකේ කියනවා ” ..

ලොකු අයියේ , දවසක් හරි ආශ්‍රය කරපු නිසා දන්නවා ඔයා කව්ද ඔයාගෙ හිතේ ඉන්න මනුස්සයා කව්ද කියලා

පාරවල් වල කානු වල මැරිලා යන්න ඉදපු ජීවිත තමන්ගෙම තැනකට ගෙනල්ලා ඒ මිනිස්සුන්ගෙ මූණට හිනාවක් දුන්නු උඹයි දැන් ඕකුන්ට

වැරදි ඉතිං ආයෙත් නැගිටපන් ” ලොකු අයියෙ 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: