hit counter

2026 ජූනි මස 09 වන අඟහරුවාදා

2026 ජූනි 09, ප.ව. 4:04



අද දින (09) රැස් වූ පාර්ලිමේන්තුවේදි අධිකරණ කටයුතු අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතා විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවීම ගැනත් එහිදී ඔහුට විශාල ලෙස කෲර වධහිංසා පමුණුවන බවත් පළවන අදහස් සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන්නේය.

එහිදී ඔහු පවසා සිටියේ,

“අපේ ආණ්ඩුව පිස්සු බල්ලෝ වගේ කෑගහන්න අඩි හප්පන්න යන්නෙ නෑ.අපේ වැඩේ අපි කරගෙන යනවා.ඒ වගේම අපි දීපු පොරොන්දුත් එකින් එක ඉශ්ට කරමින් යනවා.ඉස්සර ඇහුවා අර කැබ් එකේ දාගෙන ආපු ෆයිල් ටික කෝ? මාධ්‍යට පෙන්නපු ෆයිල් ටික කෝ.එතකොට ජනාධිපතිතුමා කිව්වා අල්ලනකොට කෙදිරිගාන්න එපා කිව්වා. මෙන්න දැන් බුදු අම්මෝ පලිගන්නවා කියලා කෑගහනවා.

දැන් ඒ සලේ සම්බ්න්ධයෙන් වූ පාස්කු ප්‍රහාර විමර්ශන අදාළ නිලධාරීන් නිසියාකාරව කරලා ඉදිරියේදී නීති කටයුතු කරනවා.ඒකට අපේ මැදිහත්වීමක් නෑ.හැබැයි මීට කලින් ඒ මනුස්සයා දවස් 90ක් ඇතුළේ හිටියනේ එතකොට කවුරුත් කෙදිරි ගෑවේ නෑ. රාබුයි බතුයි කනවා කිව්වේ නෑ.මරාගෙන මැරෙනවා කිව්වේ නෑ.අම්මලා දුවලා තාත්තලා කොහේ හිටියද අපි දැක්කෙත් නෑ.හැබැයි ගෝටාභය රාජපක්ශට විදේශ ගමන් තහනමක් ගත්ත ගමන්ම ඔන්න කට්ටිය රත්වෙන්න ගන්නවා.එතකොට ඒ කෙදිරිය එන්නේ ඒ වෙලාවෙනේ.ඇයි ඒ? දවස් 90ක් සලේට කෑම බීම ඔක්කොම හම්බුණා.නියමයි.දැන් රාබුයි බතුයි.

ඒ සත්‍යග්‍රහයේ හිටපු කට්ටිය දිහා බලන්නකෝ.දහ දෙනෙක් එකතු කරගන්න නෑ.කෝච්චි ස්ටේශමේ ඊට වඩා සෙනගක් ඉන්නවා.පොලිසිය හිටියා ඊට වඩා.අපි තේරුම් ගන්න ඕනේ මේ අදෝනාව තියෙන්නේ සලේට ආදරේකට නෙමෙයි.ඒගොල්ලො බලාපොරොත්තුව වෙනවා මේ විමර්ශනය කෑගහලා සලේ ගාවින් නවත්තගත්තොත් හොදයි ඊට වඩා උඩට ගියොත් අන්න මහමොළකරු ඉන්නවා.

අන්න එහෙමයි මම හිතන්නේ.විමර්ශන ගැන මම දන්නෙ නෑනේ.ඒක පොලිසියෙන් කරන්නේ.නමුත් මේ කෙදිරිය ඒකනේ.නැත්නම් කොහොමද ගෝටාභය රාජපක්ශට විදේශ ගමන් තහනමක් ලැබුණු ගමන් මේ රාබුයි බතුයි කැරපොත්තොයි මීයොයි ඔක්කොම එක දවසේ එන්නේ.වෙන්න බෑ.අපි රටේ බුද්ධිමත් ජනතාවට කියන්නේ අපි බලේට එනකොට පොරොන්දුවක් වුණා පාස්කු ප්‍රහාරෙ විමර්ශන නිසිලෙස කරනවා.යුක්තිය ඉශ්ට කරලා සාක්ෂි සහිතව අධිකරණයට ඉදිරිපත් කරනවයි කියන එක.දැන් ඉන්නේ අනුකම්පාව දිනාගන්න වැඩක.

මේ රටේ මිනිස්සු 278ක් මැරුණා.500කට එහා තුවාල වුණා.ඒ ගැන කතා නොකරපු නාලිකා අද කිඹුල් කදුලු හෙලනවා.සරත් ෆොන්සේකලට ජම්පර් ගහලා ඇතුලට ගෙනියනකොට කවුද හිටියේ මේ ගොල්ලෝ රණවිරුවෝ කියන්න? මම ජනතාවට කියනවා සන්තෝස වෙන්න දීපු ජන්දෙට පොරොන්දු ඉශ්ට වෙනවා.තව මාස කිහිපයක් බලන් ඉන්න හැමදේම වෙලා.තියෙයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: