hit counter

2026 ජූනි මස 17 වන බදාදා

2026 ජූනි 18, පෙ.ව. 12:27



දිවයිනේ පාසල් පද්ධතිය තුළ පවතින නේවාසිකාගාර 126ක ගොඩනැගිලි අබලන්ව පැවතීම සහ ඒවායේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම නිසා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සහ ජීවන තත්ත්වය කෙරෙහි ඍණාත්මක බලපෑම් එල්ල වී ඇති බව හඳුනාගෙන ඇත.

එබැවින් මෙම තත්ත්වය මගහරවා ගනිමින්, සිසුන්ට ගුණාත්මක අධ්‍යාපන හා සෞඛ්‍ය පරිසරයක් උදා කර දීමේ අරමුණින් එම නේවාසිකාගාරවල අත්‍යවශ්‍ය පහසුකම් නවීකරණය කිරීමට රජය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, රුපියල් මිලියන 1,008ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2026-2028 කාලසීමාව තුළ මෙම පාසල් නේවාසිකාගාර නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: