hit counter

2026 ජූනි මස 21 වන ඉරිදා

2026 ජූනි 21, ප.ව. 3:46



අ.පො.ස. උසස් පෙළ විභාගය තවදුරටත් කල් දමන ලෙස විවිධ පාර්ශව මගින් කරනු ලබන ඉල්ලීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව 2026 උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ඇති බැවින් අදාළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට 2026 අගෝස්තු (07) දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343ක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයන්ට අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය වන දින සංඛ්‍යාව වනුයේ 300ක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එනිසා අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාල‍ය ලැබී ඇති බැවින් අදාළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොඟින බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: