hit counter

2026 ජූනි මස 22 වන සඳුදා

2026 ජූනි 22, ප.ව. 4:13



පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා විසින් කතෝලික සභා නීතියට අනුව මැල්කම් රංජිත් කාදිනල්තුමා සිය 75 වැනි විය සපුරන 2022 නොවැම්බර් මස 15 වැනිදා කොළඹ අගරදගුරු ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණ බව සඳහන් කරයි.

එසේම ඔහු චෝදනා කරන්නේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින බලගතු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර දීමට තමන් තවදුරටත් මෙම තනතුරේ රැඳී සිටිය යුතු බව වතිකානුවට පෙන්වා දෙමින්, කාදිනල්තුමා මේ වන විට අවස්ථා හතරකදී සිය සේවා කාලය දීර්ඝ කරවා ගැනීමට කටයුතු කර ඇති බවටයි.

එබැවින් ගම්මන්පිල මහතා ප්‍රශ්න කරන්නේ මෙම තත්ත්වය අනුව පාස්කු ඛේදවාචකයෙන් පුද්ගලිකව වැඩිම වාසියක් අත්කරගෙන ඇත්තේ කාදිනල්තුමා බවත් අපරාධයකින් උපරිම ප්‍රතිලාභ ලබන පාර්ශවය එහි මහමොළකරු වශයෙන් සැක කරන්නේ නම් එම තර්කය පදනම් කරගනිමින් පාස්කු ප්‍රහාරයේ සමස්ත වගකීම එහි සැබෑ ප්‍රතිලාභියා බවට පත්ව සිටින මැල්කම් රංජිත් කාදිනල්තුමා වෙත පැවරීමට සිරිල් ගාමිණී පියතුමා කටයුතු නොකරන්නේ මන්ද යනුවෙන්.

ඔහු මෙම අදහස් අද(22) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළා.

“ප්‍රතිලාභියා අපරාධකරු වේ කියන ජනප්‍රිය කුමන්ත්‍රණ න්‍යායක් තියෙනවා. මේ කුමන්ත්‍රණ න්‍යාය අනුව තමයි ජෝන් එෆ්. කෙනඩි ඇමරිකානු ජනාධිපතිතුමාගේ ඝාතනයේ සැකය උපජනාධිපති ලින්ඩන් ජොන්සන්ට එල්ල වුණෙත්, ඒ වගේම බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයේ සැකය වැඩබලන අගමැති ඩබ්ලිව්. දහනායක මැතිතුමාට එල්ල වුණෙත්, ඒ වගේම උපාලි විජේවර්ධන මැතිතුමා අතුරුදන් වීමේ සැකය අගමැති ආර්. ප්‍රේමදාස මැතිතුමාට එල්ල වුණේ. එතකොට මේ ප්‍රතිලාභියා අපරාධකරු වේ කියන කුමන්ත්‍රණ න්‍යාය යොදා ගනිමින් තමයි 2019 ජනාධිපතිවරණය ආසන්නයේ ජාතික ආරක්ෂාව බරපතළ ලෙස බිඳවැටීමෙන්, 2019 ජනාධිපතිවරණයේදී පාස්කු ප්‍රහාරයේ ප්‍රතිලාභය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිමිකරගත්තාය කියන පදනමෙන් තමයි සිරිල් ගාමිණී පියතුමන්ලා ගෝඨාභය ජනාධිපතිතුමාට සැකය එල්ල කරන්නේ. හැබැයි අපි හොඳටම දන්නවා 2018 පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව 42%ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14%ක් ඡන්ද ප්‍රතිශත ලබාගත්ත නිසා ජනාධිපතිවරණයට යනකොටත් ශ්‍රීලනිපයේ සහ පොදුජන පෙරමුණේ සහාය ලැබුණු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 56%ක ඡන්ද බැංකුවක් සහිතවයි හිටියේ. පාස්කු ප්‍රහාරයෙන් ප්‍රතිලාභයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් එතුමාට තිබුණේ නැහැ. වැඩිපුරත් එක්ක ඡන්ද තිබුණා. ඒ අනුව සිරිල් ගාමිණී පියතුමන්ලා කියන ආකාරයට පාස්කු ප්‍රහාරයේ ප්‍රතිලාභියෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හඳුන්වන්න බැහැ. හැබැයි මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියෙක් ඉන්නවා. ඇත්තෙන්ම මැල්කම් රංජිත් කාදිනල්තුමන් 2022 නොවැම්බර් මාසේ 15 වෙනිදා කොළඹ අගරදගුරු පදවියෙන් විශ්‍රාම ලැබිය යුතුව තිබුණා. මොකද එදින එතුමාගේ 75 වන උපන්දිනය යෙදී තිබුණු නිසා. නමුත් පාස්කු ප්‍රහාරය පිටුපස රටේ ප්‍රබල පිරිසක් ඉන්නවාය, ඒ අයගෙන් ඒ අයව නීතිය හමුවට පැමිණවීමට මම තනතුර දැරිය යුතුයැයි වතිකානුවට දැනුම් දෙමින් කාදිනල්තුමා හතර වතාවක් මේ වන විට සේවා දිගුවන් නැත්නම් රීලෝඩ් දාගෙන තියෙනවා. සේවා දිගුවන් ලබාගෙන තිබෙනවා. ඒ නිසා හැරිලා බලද්දී පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමන්. එහෙමනම් ප්‍රතිලාභියා අපරාධකරුවා වේ කියන කුමන්ත්‍රණ න්‍යාය විශ්වාස කරනවානම් සිරිල් ගාමිණී පියතුමන්, පාස්කු ප්‍රහාරය පිළිබඳ වගකීම එහි සැබෑ ප්‍රතිලාභියා වන මැල්කම් රංජිත් කාදිනල්තුමා මත ඔබතුමා පටවන්නේ නැත්තේ ඇයි?”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: