2026 ජූනි 24, පෙ.ව. 9:44
පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජුනි 29 දින දිවයින පුරා පිහිටි සිල්ලර මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර ලබාදී ඇති සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත .
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා සඳහන් කළේ, ජුනි 28 දින මත්පැන්හල් වසා දැමෙන වේලාවේ සිට ජුනි 30 දින විවෘත කරන වේලාව දක්වා දිවයින පුරා සියලුම මත්පැන්හල් වසා තැබීම අනිවාර්ය වන බවයි.
මේ අතර, රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි 26 සිට ජූලි 2 දක්වා ප්‍රකාශයට පත් කර ඇති පොසොන් සතිය තුළ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක මත්පැන්හල් වසා තැබීමට ද නියෝග කර තිබේ.
ඒ අනුව, මිහින්තලේ, මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මහවිලච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි සියලුම මත්පැන්හල් ජුනි 25 දින වසා දැමෙන වේලාවේ සිට ජූලි 3 දින විවෘත කරන වේලාව දක්වා වසා තැබිය යුතු වේ.
අදාළ නියෝග උල්ලංඝනය කරමින් මත්පැන්හල් විවෘතව පවත්වාගෙන යන හෝ බලපත්‍ර කොන්දේසි කඩ කරන ස්ථාන පිළිබඳ තොරතුරු සුරාබදු දෙපාර්තමේන්තුවේ පැය 24 පුරා ක්‍රියාත්මක 1913 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත.
එසේ නීති උල්ලංඝනය කරන බලපත්‍රලාභී ස්ථාන සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2026 ජූනි 24, පෙ.ව. 11:05
2026 ජූනි 24, පෙ.ව. 10:12
2026 ජූනි 24, පෙ.ව. 9:56
2026 ජූනි 24, පෙ.ව. 9:42
2026 ජූනි 24, පෙ.ව. 7:41
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26