2026 ජූලි 03, පෙ.ව. 12:12
ගොවියාට සිය වී සඳහා නිසි මිලක් නොලැබීමට මූලිික හේතුව ආණ්ඩුව උත්සව සමය සඳහා යැයි කියමින් ඉන්දියාවෙන් අතිවිශාල පොන්නි සම්බා තොගයක් ආනයනය කිරීම බව හිටපු අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන පවසයි.
පොහොර ඇතුළු නිෂ්පාදන වියදම් ඉහළ යෑම නිසා වී කිලෝවක වියදම අද වන විට රු. 135 ඉක්මවා ඇති නිසා වී මිල වැඩි විය යුතු වුවද පසුගිය කන්නවල රු. 100-120ත් අතර පැවති වී කිලෝවක මිල මේ වන විට රු. 80-90ක් දක්වා පහත වැටී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
වෙළඳපොළේ කී සම්බා කිලෝවක මිල රු. 360ක් පමණ වුවද පෙන්නි සම්බා කිලෝවක් රු. 229ක් බැවින් ජනතාව නාඩු සහ සම්බා සහල් වෙනුවට ඉන්දියානු පොන්නි සම්බා පරිභෝජනයට යොමුව ඇතැයිද ආචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කරයි. මේ අනුව ගොවියා මුහුණපා ඇති වී මිල ගැටලුව ආණ්ඩුව විසින් නිර්මාණය කළ කෘත්‍රිම ගැටලුවක් බවද ඔහු අවධාරණය කරයි.
ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් සිදුවන පොළොන්නරුවේ මැදිරිගිරිය ප්‍රදේශයේ පවා සතොස මගින් ඉන්දියානු සහල් විකුණමින් ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි. මැදිරිගිරියේ ජනතාවට ඉන්දියානු පොන්නි සම්බා විකුණන ආණ්ඩුවක් ගොවි ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු විසඳයිදැයි ආචාර්ය චන්න ජයසුමන ප්‍රශ්න කරයි.
2026 ජූලි 03, පෙ.ව. 12:37
2026 ජූලි 03, පෙ.ව. 12:15
2026 ජූලි 03, පෙ.ව. 12:14
2026 ජූලි 03, පෙ.ව. 12:12
2026 ජූලි 03, පෙ.ව. 12:10
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26