2026 ජූලි 03, පෙ.ව. 9:56
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට (04) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලිබලය තාවකාලිකව අත්හිටුවීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
එමෙන්ම දෙහිවල ජල පොම්පාගාරය සහ මාළිගාවත්ත එලි හවුස් පොම්පාගාරය ආශ්‍රිත විදුලිබල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතු ද එදින සිදු කෙරෙන බව එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලබනවා.
අදාළ කාලසීමාව සඳහා අවශ්‍ය ජලය කල්තබා රැස් කර තබා ගන්නා ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීම් කරන්නේ.
2026 ජූලි 03, පෙ.ව. 11:22
2026 ජූලි 03, පෙ.ව. 11:08
2026 ජූලි 03, පෙ.ව. 9:30
2026 ජූලි 03, පෙ.ව. 9:21
2026 ජූලි 03, පෙ.ව. 12:37
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26