2026 ජූලි 05, පෙ.ව. 12:22
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා එකල පොස්පේට් ආයතනයට සිදු කළ විනාශයට ඉදිරි කෙටි කාලය තුළදී නීතිමය කටයුතු ක්‍රියාත්මක වන විට බලාගත හැකි බවත් දැන් ඒ සඳහා ආරම්භයක් ලබාදී ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසනවා.
මන්ත්‍රීවරයා සඳහන් කළේ, එප්පාවල පොස්පේට් සමාගම තුළ සිදු වූ දූෂණ හා අක්‍රමිකතාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බියෙන් දඟලමින් සිටින බවයි.
එප්පාවල පොස්පේට් නිධිය යනු රටේ ගොවි ජනතාවට සහන මිලට පොහොර ලබා දීම සඳහා වැඩිදියුණු කළ හැකිව තිබූ දැවැන්ත ජාතික සම්පතක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පසුගිය පාලන සමයන්හිදී එය විනාශ මුඛයට ඇද දැමූ බව සඳහන් කළා.
එමෙන්ම රුපියල් ලක්ෂ 1200 අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළව චරිත් අබේසිංහ සහ රකිත රාජපක්ෂ යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක වන විට හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පිරිස බියෙන් දඟලමින් සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසනවා.
රුපියල් ලක්ෂ එක්දහස් දෙසියයක දැවැන්ත අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්වීමෙන් පසු එමඟින් වැලිමඩ අල ගොවියාට ලැබෙන සෙත කුමක්දැයි චාමර සම්පත් මහතා ප්‍රශ්න කර ඇතැයි සිහිපත් කළ මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ, නීතිය ක්‍රියාත්මක වන විට මෙලෙස ප්‍රශ්න කරන්නේ වරදකරුවන් වීමේ බිය නිසා බවයි
කෙසේවෙතත් එප්පාවල පොස්පේට් සමාගමේ රොක් පොස්පේට් සෘජුවම පිටරටවලට අපනයනය කිරීම තහනම් කරමින් පවතින නීතිරීති චාමර සම්පත් මහතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළා.
පවතින නීතිමය රාමුවට පිටින් යමින් අනීතික ලෙස රොක් පොස්පේට් අපනයනය කිරීමට ඔහු කටයුතු කර ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, එම නීති විරෝධී පොහොර අපනයනයේ සෘජු අහිතකර ප්‍රතිඵලවලට අද වන විට මුහුණ දීමට සිදුව ඇත්තේද වැලිමඩ අල ගොවියාට බව එහිදී කියා සිටියා.
එප්පාවල පොස්පේට් නිධිය යනු මෙරට මහ පොළොවත් සමග පොරබදින ගොවි ජනතාව වෙනුවෙන් නව නිෂ්පාදනයන් සහන මිලට ලබාදීම සඳහා වැඩිදියුණු කළ හැකිව තිබූ දැවැන්ත ජාතික සම්පතක් බවත් එම සම්පතෙන් ගොවියාට පොහොර සහන සලසනු වෙනුවට පසුගිය පාලකයින් සිදුකළේ නීතිය උල්ලංඝනය කරමින් රොක් පොස්පේට් පිටරට පැටවීම බවත් පැවසූ සුසන්ත කුමාර මහතා, වත්මන් රජය යටතේ එම සියලු දූෂණවලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් සඳහන් කළා.
2026 ජූලි 05, පෙ.ව. 12:25
2026 ජූලි 05, පෙ.ව. 12:17
2026 ජූලි 05, පෙ.ව. 12:14
2026 ජූලි 05, පෙ.ව. 12:12
2026 ජූලි 05, පෙ.ව. 12:10
01-07-26
01-07-26
30-06-26
30-06-26
29-06-26
29-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
20-06-26
20-06-26