hit counter

2026 ජූලි මස 08 වන බදාදා

2026 ජූලි 08, පෙ.ව. 10:46



ඉරානයේ වෙරළබඩ ප්‍රදේශයන් කිහිපයක ඉලක්ක වෙත ඇමරිකානු ප්‍රහාර එල්ල වී තිබෙනවා. හොර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයටත් සිරික් යනාදී තවත් ප්‍රදේශ කිහිපයකටත් මෙසේ ප්‍රහාර එල්ල වී ඇති අතර ගුවන් ආරක්ෂණ පද්ධති, මිසයිල ගබඩා යනාදියට ප්‍රහාර එල්ල කළ බවයි ඇමරිකානු මධ්‍යමදිග විධානය පවසා සිටියේ. මීට අමතරව හොර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඉරානයේ කුඩා බෝට්ටු 60 කට පමණ ද ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන් වී තිබෙනවා.

ඇමරිකානු ප්‍රහාර එල්ල වූයේ නොබෝදා ඉරානය විසින් හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නෞකා කිහිපයක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කළ පසුවයි.

මේ අතර ඉරානයට තෙල් අලෙවි කිරීමට ලබා දී ඇති අවසරය අහෝසි කිරීමට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඉරානයට ජූලි 17 දක්වා සහන කාලයක් ලබාදෙන බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.