2026 ජූලි 13, ප.ව. 1:19
ජීවිතයේ විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන විටදී, මානසික ඇද වැටීමක් සිදු වූ විට ඇතැමෙකුට ජීවිතය නැති කරගන්නට සිතුණ ද, එසේ තීරණය කිරීම ඉතාම වැරදි තීරණයක් බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.
ඒ අනුව, එවැනි කලකිරීමක් දැනුණු අවස්ථාවකදී ප්‍රශ්න විසඳා ගැනීමට ඇති මාර්ගය නොපෙනෙන බවත්, විශාදය වැනි අවස්ථා පැමිණි විට ජීවිතය නැති කරගන්නට සිතීමේ හැකියාව ඇති බවත්, අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියා.
ගැටලුවට විසඳුම් ඇති බවත්, එහෙත් ප්‍රශ්නකාරී තත්ත්වයකට පත් වූ විට සිදු වන්නේ නිවැරදි පාර කුමක් ද, නිවැරදි විසඳුම කුමක් ද යන්න සොයා ගැනීමට නොහැකි වීම වන බවත් ඔහු එහිදී පැවසුවා.
තමන්ගේ හිතවතෙක් හෝ සමාජ මාධ්‍යවල හෝ එවැනි අය දුටු විට, ඔහු හෝ ඇය මානසික සෞඛ්‍ය සායනයකට යොමු කිරීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටින බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.
එසේම, සියදිවි නසාගන්නා සිදුවීම් සමාජ මාධ්‍යවල නැවත නැවත හුවමාරු කිරීම සිදු නොකරන ලෙසත්, මාධ්‍යවල පළවන ජීවිතය නැති කරගැනීම උත්කර්ෂයට නංවන පුවත් වැඩි වැඩියෙන් දුටු විට ඒවා අනුගමනය කිරීමට ඇතමුන් පෙළඹෙන බවත්, සියදිවි නසාගැනීමේ පිළිබඳ පුවත් ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටින බවයි විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
2026 ජූලි 13, ප.ව. 12:29
2026 ජූලි 13, පෙ.ව. 11:02
2026 ජූලි 13, පෙ.ව. 9:35
2026 ජූලි 13, පෙ.ව. 9:33
2026 ජූලි 13, පෙ.ව. 12:27
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
13-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26
11-07-26