hit counter

2026 ජූලි මස 21 වන අඟහරුවාදා

2026 ජූලි 22, පෙ.ව. 12:09



රටේ ආර්ථිකය ශක්තිමත් මට්ටමක නොපවතින්නේ නම් කිසිදු දිගුකාලීන සංවර්ධන ගමනක් යා නොහැකි බවත්, ඉදිරි වසර පහ ඇතුළත මෙරට අධ්‍යාපන පද්ධතියේ විධිමත් ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුතු බවත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ සිසුන් 50කට වඩා අඩු සංඛ්‍යාවක් සිටින පාසල් මෙරට තවදුරටත් පවත්වාගෙන යාම යෝග්‍ය නොවන බව රජයේ විශ්වාසය බවයි.

“අපට කොතරම් දිගු ගමනක් යාමට අවශ්‍ය වුවත්, ආර්ථිකය යහපත් මට්ටමක නැත්නම් ඒ ගමන යන්න බැහැ. අපට විශාල ජනවරමක් ලැබී තිබෙන්නේ ඒ වෙනුවෙන්. අපේ රජයේ පළමු වසර පහ ඇතුළත ලංකාවේ ළමයින් 50ට අඩු පාසල් තවදුරටත් තිබිය යුතු නැහැ කියන ස්ථාවරයේ අප ඉන්නවා,” යැයි හේවගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

රටේ පවතින සම්පත් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කරමින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම රජයේ අරමුණ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: