hit counter

2026 ජූලි මස 22 වන බදාදා

2026 ජූලි 23, පෙ.ව. 12:11



ශ්‍රී ලංකාවේ ප්‍රසංග වේදිකාව මෙන්ම සජීවී සංගීත ක්ෂේත්‍රය එකලු කළ ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත මහතා පසුගිය දිනෙක අභාවප්‍රාප්ත විය.

මියයන විට 48 වැනි වියෙහි පසුවූ ඒ මහතා කාලයක සිට පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස දිවිහැර ගියේය.

රුක්මන් අසිතගේ අභාවයත් සමඟ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ආන්දෝලනාත්මක හඬපට කිහිපයක් හුවමාරු වෙමින් පවතින අතර, එහි රුක්මන් සහ ඔහුගේ බිරිඳ අතර සිදුවූ බව කියන සංවාද කිහිපයක් ඇතුළත් වේ.

කෙසේ වෙතත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවක් සමඟ අදහස් දක්වමින් රුක්මන් අසිතගේ බිරිඳ, තමන්ට එල්ලවන චෝදනා සහ විවේචන පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මෙසේය.

“මට දැන් රුක්මන්ව වළෙන් නැඟිට්ටවලා කියවන්න බෑ, නමුත් ජීවිතයට ඉඩදෙන්න ප්‍රෝගෑම් එකේ පැහැදිලිව රුක්මන් කියනවා ගෙදර අය මාව කවුරුත් බැලුවේ නෑ. එයාලා මගේ විවාහයට පවා විරුද්ධ වුණා…! මාව හැමෝම මඟඇරියා, නැන්දා තමයි බැලුවේ කියලා. ආන්ටි තමයි සුපර් ස්ටාර් වෙනකන් රුක්මන් ව ගෙනාවේ…” “මමයි රුක්මනුයි ආදරේ කරලා බැන්ඳේ, අපි දෙන්නා අතර උඹ නොදකිං කියාගෙන නෑ කියන්න බෑ. රණ්ඩු සරුවල් වෙලා තියනවා. රණ්ඩු වෙනකොට ඔබතුමී ඔබතුමා කියලා රණ්ඩු වෙන් නෑ, අපි රණ්ඩු වෙනකොට පරුෂ වචන කියාගන්නවා. මට පහර දීලාත් තියනවා. මම මේවා කියන්න හිතුවේ නෑ.

නමුත් අද කියන්න වෙනවා….. හැබැයි, මගේ හිතේ එයා ගැන වෛරයක් නෑ… ළමයා නිසා අපි එකඟතාවයට ආවා අපි දෙන්නගෙන් කවුරුත් ගෙදරින් එළියට යන්නෙ නෑ කියලා” “මැරෙන්න දවස් කීපයකට කලින් රුක්මන්ගේ ෆෝන් එක නැතිවුණා. පස්සෙ අපි සිම් එක කැන්සල් කරගත්තා. හොඳ වෙලාවට සංවාද ඇරෙන්න වෙනත් පුද්ගලික දේවල් ඒක ඇතුළේ තිබුණේ නැහැ. එහෙම තිබුණා නම් අපිටත් රුක්මන් ගිය තැනටම තමයි යන්න වෙන්නෙ..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: